2014-11-04

අවැදගත්දේ අමතක වන ස්වභාවික නීතිය ඉක්මවන වැදගත් දේද අමතක කලයුතු බව පවසන Right to be Forgotten නීතිය...

     අන්තර්ජාලය නිර්මානය වීමේදී බලාපොරොත්තු නොවූ වැදගත්දෑ පසුකාලීනව හමුවීම සාමාන්‍ය කරුනකි. සරලව මෙන්ම පහසුවෙන් තොරතුරු හුවමාරුව ඒක කේන්ද්‍රීය නොවන නිදහස් අයුරකින් සිදුවීම බලාපොරොත්තුවෙන් ගොඩ නැගුනු එම අවකාශය මේතරම් දුරට සාමන්‍ය ජීවිතවලට මැදිහත්වන තීරනාත්මක එකක් වෙතයි නිර්මාන වන විට කිසිසේත්ම  නොසිතන්නට ඇත. භාවිතාකරන්නෙකුගේ සෞඛ්‍ය ජීවිතයේ සිට ලොව දේශගුන රටාවල අනවැකි දක්වා  නෙක ආකාරය ගත් බොහෝ දේ සදහා අදවන විට අන්තර්ජාලය මැදිහත් වෙමින් ඇත.එහි පහසු ව්‍යාප්තිය සදහාම  ප්‍රධාන හේතුවක් වූ ඒක කේන්ද්‍රීය නොවන බව එහි  තැන්පත් වන තොරතුරු පිලිබදව පාලනය ඉල්ලා සිටීමකදී ගැටලු සහගත වීමේ එක් අවස්ථාවක් වන්නේ  right to be forgotten වැනි නෛතික සුරක්ෂිත බවක් එය භාවිතාකරන්නන් හට අවශ්‍ය වීමෙන් ය. අන්තර්ජාලය වෙතට පැමිනෙන තොරතුරු තැන්පත් වන සර්වරයන් , තාවකාලික මතක පිටපත් (Cash) අයෙකුට අසාධාරන ආකාරයට අගතිය කැදවමින් සිටින්නේනම් ඒවා නැවත නැවතත්  සොයන්නන් වෙතට ගෙන ඒමේදී තීරනාත්මක සාධකයක් වන සෙයුම් ප්‍රථිපල වලින් ඉවත්කර තබන්නට ඉල්ලා සිටින්නට මෙන්ම එම ඉල්ලා සිටීමකට එකගවන්නට එම සෙයුම් යන්ත්‍ර (search engines) ආයතනවලට සිදුවන නෛතික තීන්දුවක් යුරෝපියානු අධිකරනයක ඔස්සේ පැමිනීම මෙහිදී සිදුවිය. ව්‍යාපාරික මහත්තෙකු කලකට පෙර තම ව්‍යාපර බිඳ වැටීමකදී තම දේපල  වෙන්දේසියකට විවෘත වීමේ පුවතක වෙබ් සටහනක් වසර ගනනාවකට පසුව නැවත තමන් සාර්ථකව ව්‍යාපාරිකයෙකු ලෙසට සිටින වර්ථමානයේද තමන්ගේ නම ඔස්සේ අන්තර්ජාලය පිරිස්සන්නෙකුට පහසුවෙන් නෙත ගැටෙන අයුරින් වීම තමන්ට අපහසුවක් කැදවන්නක් බැවින් ඒ සදහා පිලිසරන පතා අධිකරනය වෙතට පැමිනීමකදී මෙම තීන්දුව ලැබින. ඒ අනූව ඔනෑම සෙයුම් යන්තරයක් මෙම right to be forgotten යටතේ අපහසුවට පත් අයැකුගේ සාධාරන ඉල්ලීමකට එකග වෙමින් තම යන්ත්‍රය විසින් සපයන සෙයුම් ප්‍රතිපලවලින් ඉවත්කරන්නට කටයුතු කරමින් සිටින අතර වඩාත් භාවිතයක් ඇති Google ඇතුලු සියලුම ඒ ආකාරයේ සේවා ආයතන ක්‍රම වේදයන් මේ වන විට ලබා දී ඇති බවටයි දැක්වෙන්නේ.
                                         Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...