2014-11-07

දැන් Microsoft Office සියලු Mobile තල සදහා නොමිළේය...

  Office මෘදුකාංග කට්ටලය Microsoft හි ප්‍රධානතම වෙලඳ ඉදිරිපත් කිරීමක් ලෙසට වූ කාලය අවසන් කරන්නට එම ආයතනය තීරනය කර තිබෙනවා විය හැක. සමස්ථයක් ලෙසට ආයතනයේ ව්‍යුහයේ සිදුවෙමින් ඇති වෙනස්කම් සමග ඔවුන් නිවේදනය කරන්නේ Mobile උපාංග සදහා Office මෘදුකාංගය ව්‍යාපාරික නොවන භාවිතාවේදී සම්පූර්නයෙන් නොමිළේ යොදා ගත හැකි බවයි. එම ආයතනය 2013 සිට iPhone සදහා ද මෙම වසරේ සිට iPhad සදහාද app එකක් ලෙසට Office 365 subscription නොමැතිවද සීමිත හැකියාවන් තුල Office නොමිළේ භාවිතාවට අවස්ථාව ලබා දී තිබූ අතර ගෙවී ගිය දිනයේදී ආයතනය නිවේදනය කර සිටියේ Android tablets සදහාද Office නිකුත්කර සිටින බවකි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ වෙනස් වන ලෝකය තුලදී භවිතාකරන්නන් සදහා සියලුම උපාංග අතර පහසුවෙන් Office භාවිතාවට දැන් අවස්ථාව ඇති බවයි.විචාරකයින් යෝජනා කරන්නේ ආයතනයෙන් ගිලිහෙන Mobile මට්ටෙම භාවිත තලය නැවත ආකර්ශනය කර ගැනීමට මෙම නව පියවර අනු ගමනය කරමින් සිටින බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...