2014-11-08

ලොව පුරා වන IP camera 73000ක දර්ශන වෙබ් අඩවියකට.....

  භාවිතාකරන්නන්ගේ නොසැලකිල්ල තොරතුරු තාක්ශනික ගැටලු නිර්මානය කර ගැනීමේදී ප්‍රධාන සාධකයක්ව බලපාමින් ඇති බව සාධනය කරන පුවතක් මෑතකදී පල වූවා. එයින් පැවසුනේ ලොව පුරා භාවිතාවන 73,000 IP cameras ඔස්සේ පැමිනෙන සජීවී දර්ශන වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සමගයි. වෙබ් අඩවියේ නිර්මානය කලවුන් පවසා සිටියේ මෙම පද්ධතිවල default passwords වෙනස් කරන්නට ඒවා පවත්වාගෙන යන්නන් අවධානය යොමු නොකිරීම නිසා පහසුවෙන්ම බාහිර පාර්ශ්ව වලට සජීවී දර්ශන කරා පැමිනීමේ හැකියාවක් ලැබෙන බවයි. ඔවුන් ඇමරිකාවෙන් පමනක්  11,000 ක් , කොරියාවෙන් 6500, මෙන්ම චීනයෙන් 5000 පමන කැමරා ඔස්සේ මෙම දර්ශන ලබා ගන්නට කටයුතු කොට තිබුනා. මේවා අතර කර්මාන්තශාලා , මාවත් වල පමනක් නොව නිදන කාබරවල වල වන කැමරා වලින් එන දර්ශනයන්ද වනවා. නීති විශාරදයෙක් මේ පිලිබදව අදහස් දක්වමින් පවසා සිටියේ මෙම අඩවිය Computer Fraud and Abuse Act (CFAA) පැහැදිලිවම ඉක්මවා යාමක් වන බවයි.තත්වය එසේ වූවත් තාක්ශනවේදීන් පවසන්නේ මෙසේ වන සරල මට්ටමේ නොසලකා හැරිම් ඔස්සේ භාවිතාකරන්නන් අපහසුතාවයට පත්වීම සුලබව සිදුවෙමින් ඇති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...