2014-11-11

"ඇයි අපි කථා නොකරන්නේ?....." දෙබස කොතැනින් හෝ ඇරබිය යුතුය.... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (56)

    උනුසුම් දහවල අවසන් භාගයේ වූවද විවෘත කඳු මුදුනත එතරම් සුවපහසු තැනක් වන්නට නම් තව හෝරා දෙක තුනක් වත් අවශ්‍ය හෙයින් අප නගරයේ උද්‍යානය වෙතට යන්නට තීර්නය කෙරුවෙමු. මලින් බරව ඇති විශාල වෘක්ෂයන් වලින් ගැවස ගත් උද්‍යානයේ එක් කෙරවලක ගලා බසිමින් ඇති ගංගාවේ ඉවුරු තලයේ වන අසුනක් නම් වඩාත් පහසු බැවින් ඒ දෙසට යන්නට වීමු. "අයි අපි කථා නොකරන්නේ?" දෙබස කොතැනින් හෝ ඇරබිය යුතුය. තව අතකින් නිඬකම තව දුරටත් අප පීඩාවට පත්කරන්නට ඉඩ නොතැබිය යුතුය. "හෙට උදෑසන වන විට ඔබ නගරයෙන් සමුගන්නවා.ඔබ නිතරම කියන්නා වගේ පැමිනෙන සියල්ලෝම ආපසු යායුතුයි. ඒත් ඒ සමුගැනීම මේ තරම් වේදනාකාරී වීම නම් මට මහත් අපහසුවක්" ඇයගේ විවෘත වීම මහත් සහනයකි. "සමහර විටක දෑ හමුවේ ඔබ නිහඬව සිටීම ඒ දෑ ගෙනෙන වෙහෙසට වඩා මට දැනෙනවා" වරක් මා ඇයවෙතට පැවසුවා මතකය.
                       "හොඳයි , මම මෙසේ පොරොන්ඳු වෙන්නම් එලබෙන දෑවසර අවසන් වන්නට පෙර ම ඔබව නැවත මුන ගැසෙනවා. ඉදිරි වසරේ ගිවිසුම අවසන් වීමෙන් පසුව මා වෙනත් ගිවිසුමකට නො එන්නට තීර්නය කලා. එලබෙන වසර අවසානයේ මම ආශ්‍රමය වෙතට යන්නට හා කෙටි කාලයකින් නැවත මෙහි එන්නටත් සැලසුම් කරන්නම්"  අවසාන තීර්නයක් මාතුල ඒ පිලිබදව නොවූවද පලමුව ඇය මේ අපසහුවට විවෘතවීම අවසන් කර ගත යුතුය."අපිට පුලුවන් වේවි අපේ හැදැරීම් සටහන් පෙල අවසන් කරන්නට මෙන්ම තවත් අලුත් ව්‍යාපෘති කිහිපයකට අත ගසන්නට. අර වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ අපේ මේ විෂයන් ගැන වෙනස් මතවාද කිහිපයක් ගොඩ නගන්නට මාකල යෝජනාවට අප එකගනම් ඒකත් අරබනට හැකි වේවි. හැබැයි මේ හැමටම වඩා මා අර කීව ආශ්‍රම භූමියට අද්දරින් වන ගම්මානයේ මිනිසුන්ගේ අපූර්ව ජීවිත රටා ගැන වන සටහනනම් ගොඩක් සාර්ථක වේවි මගේ හිතේ." මාගේ පලමු අවශ්‍යතාවය වූවේ ඈ සිත තුලට අපහසු සිතුවිලි පැමිනෙන්නට ඉඩ නැති තරමට බලාපොරොත්තුවලින් පුරවන්නට වුවද ඒ සියල්ල අප මීට එකිනෙකා කථාබස් කර අනාගත බලාපොරොත්තු තබා සිටි ඒවා වූවාය.
Pubudu Siriwansa