2014-11-08

"හැදෑරීම් සහකාරියක වන්නට ඇය අපූරු එකියකි."....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (51)

  කුතුහල මනස ප්‍රබෝධයෙන් පිරවූ අපූරු දවසක් අවසන් වෙමින් තිබේ. බොහෝ සංස්කෘතීන් අතර වන සරල ක්‍රම වෙනස් කම් වලට වඩා මෙහි වැසියන්ගේ ජීවන රටාව පදනම් මට්ටමේ සිටම වඩාත් වෙනස් ස්වභාවයක් ගැනීම ඔනෑම හදාරන්නෙකුගේ සිත් පැහැර ගනු ඇත. ඔවුන් සමග ගතවන හැම හෝරාවකම පාහේ වඩාත් නව හැඩයක් ගත් මිනිස් සංකල්ප හමුවීම මහත් ප්‍රබෝධ ජනකය. ටිබෙටියනු මිතුරා සමු ගන්නට පෙර කල කල යෝජනාව වූවේ ඔවුන් වඩාත් දියුනුද නැතිනම් නොදියුනුද යන්න පවා විමසන්නට සම්මත අපගේ දැනුම් උපකරන වලට නොහැකි වන්නේ අප එම උපකරන නිර්මානය කර ගත් ප්‍රමිතීන් වලට ඔබ්බෙන් ඔවුනගේ ජීවන රටා නිර්මානය වන පදනම් පැවතීම නිසා විය හැක. "අප පද්ධතියක වන යමක් මනින්නට යොදාගන්නා මැනුම් යාන්ත්‍රන වලංගු වන්නට නම් ඒවා අතර සමානකම් විය යුතුයි. ඒවා කොතරම් සමාන ද යන්න ගන්නා මිනුම් කොතරම් නිවැරදිද යන්න මත රදා පවතී. අපේ දියුනු මහත්වරුන් එසේ යම් උත්සාහයක් ගත්තොත් ඒක සුලගේ වේගය අඩි කෝඳුවකින් මනින්නට උත්සාහ කලා වගේ වේවි." මද සිනාවක් සමග ඔහු තම අදහස පැහැදිලි කර සිටියාය. 
                  පැමිනෙන සැදෑව සදහා ආගන්තුක කුටියට ඔබ්බෙන් වන අසුන වෙතට වීම සිත ප්‍රබෝධමත් කරන පුරුද්දක් වී ඇතුවා සේය. ඉදිරියෙන් වන නැගෙනහිර කඳු පෙල මතට සැදෑ හිරු කෙඳි පැමින රත්වර්න ගැන්වීම හමුවූ ඇය සමග කදු මුදුනතට ආ ගිය අපූරු අතීතයට සිත නිරන්තරයෙන් කැදවා ගෙන යනු සුලුය. ඇය සැබවින්ම ප්‍රබෝධමත් එකියක වීම මා බොහෝ සෙයින් සිත් ගත් කරුනක වූවාය. ඇයගේ කථා බහ, සිනාව, ගමන බිමන හැමතැනකම ඒ බව වූවාය. "හැදෑරීම් සහකාරියක වන්නට ඇය අපූරු එකියකි." වරක් සැදෑ හමුවකින් පසුව නේවාසිකාගාරයට ගිය පසුව දින සටහනක ඇය වෙනුවෙන් අකුරු කර තැබුවා මතකය.
                                                   Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...