2014-11-03

නිහඬවම පැමිනි බලාපොරොත්තු මුරන්ඩුව අප අතර සිටගෙන සිටිනාක් වැනි හැගීමක් සිත තුලට දැනිනි...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (47)

    ජීවිතයේ හමුවූ නිහඬතම නිමේශයන් ගතව ගියේ ඒ මොහොතදී යැයි සිතන තරම් විය. වඩාත් සංකීර්න විෂය ගැටලු සමග තිබූ සුව පහසු දෙබසේ ගලා යාම  අප අතරින් අතුරු දහන්විය. සාමන්‍යයෙන් දෑ බර පතලව ගනන් නොගන්නා ඇය මිනිස් හැගීමක් ඉදිරියේ මෙතරම් නිශ්චලවූ වේ කෙසේදැයි මාතුලද විමතියක් නැගිනි. අඩ හෝරාවට ආසන්න කාලයක් වචනයකුදු නොදොඩා අප අතරි ගලා ගියා විය යුතුය.  "දන්නවද, වචන වලට වඩා වචන අතර එන හිස් අවකාශය වඩාත් අර්ථ සම්පන්නයැයි සමහරුන් කියලා තිබෙනවා. අපි වචන අතරේ කොයිතරම් දක්ශ උනත් ඒවා අතර මැදට එන හිස් අවකාශයට වන අර්ත වලදී කොයි තරම් අසරනද කියලා දැන් මට තේරෙනවා." නිහඬ බව බිඳින්නට මෙන්ම ව්‍යාජ නොසැලුනු බවක් පෙන්වන්නටද මට අවශ්‍ය වූවා විය යුතුය.
                    "මට සමාවෙන්න. මමත් කිසිසේත්ම හිතුවේ නැහැ අපි අතර මේ තරම් අපහසුතාවයට පත්වන මොහොතක් ඒවි කියලා. මට අවශ්‍ය උනේ නැහැ ඒ වගේ තත්වයක් ගොඩ නැගෙන්නට ඉඩ හැරෙන්න. ඒත් එක එහෙම වෙලා. බෑදීමක් පමනක් නොවේ බැදීමට අනිවාර්ය විරාමයකුත් ඇවිල්ල. යම් හෙයකින් නියමිත ආකාරයට මීලග ආයතනයේ සේවයට වාර්ථා නොකලහොත්  මගේ වෘතීය ජීවිතයට ලොකු ගැටලුවක් වනවා පමනක් නොව විශාල වන්දියකට පවා ලක්කර ගන්නට ඔවුනට අවස්ථාව සැලසෙනවා". මා පත්ව සිටින තත්වය පැහැදිලි කෙරන්නට උත්සාහ කලා මතකය.අප අතර කිසිදිනක බලාපොරොත්තු ගොඩ නැගෙන ආකාරයේ දෙබස් ඇති නොවුනු මුත් නිහඬවම පැමිනි බලාපොරොත්තු  මුරන්ඩුව අප අතර සිටගෙන සිටිනාක් වැනි හැගීමක් සිත තුලට දැනිනි.  මහත් සැහැල්ලුවෙන් හමුවූ දෙදෙනෙකු මහත් බ‍රැති හැගීම් වලින් තෙරෙපෙමින් අපහසුවෙන් සමුගන්නට සිදුව ඇත.
                                                                                              Pubudu Siriwansa