2014-10-02

Windows 10 නව තොරතුරු භාවිතා යුගයක් ගෙනෙනු ඇත....

  මේ වන විට Windows 10 Technical Preview සංස්කරනය බාගත කර ගැනීමේ හැකියාව විවෘතව ඇත. ආයතනය පැහැදිලි කර සිටින්නේ මෙය මූලික මට්ටමේ පෙර සංස්කරනයක් බැවින් භාවිතාකරන්නෙකුගේ ප්‍රධාන පරිගණකය වෙතට ස්ථාපනය කර ගැනීම ගැටලුකාරී විය හැකි බවකි. තවමත් සමහර අංගයන් සංවර්ධන මට්ටමේ පවතින බැවින් අවසන් සංස්කරනය සම්පූර්නයෙන්ම මෙම නිකුතුව ඔස්සේ අත්විඳින්නට බලපොරොත්තු නොවිය යුතු බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. මෙම නිකුතුව 2015 අප්‍රේල් 15 වන විට expire වන ලෙසට පැමිනීමෙන් හැගවෙන්නේ ඒ වන විට අවසන් පෙර සංස්කරනයක් නිකුත්වීමට බෙහෙවින් ඉඩ ඇති බවකි. 
                          වඩාත් සංවර්ධනය කරන ලද නව start මෙනුව ප්‍රමුක නව නිකුතුව භාවිතාකරන්නා හට Mouse , Keyboard ප්‍රමුක Pc භාවිතාවට ද හිතකර ලෙසට නිමව පැමිනීම Applications කිහිපයක් සමග පහසුවෙන් ගනුදෙනු කරන්නට හැකිවන Virtual Desktop සමග මෙන්ම වඩාත් අඩු දෘඩාංග (1GB Ram, 1GHz Processer, 16GB Space, irectX 9 graphics device- WDDM driver-) අවශ්‍යතාවය සමග මෙන්ම Microsoft ආයතනය පවසන්නේ භාවිතාකරන්නන් හට පහසුවෙන් ඔවුනගේ පැරනි මෘදුකාංග ධාවනයට පහසුව වැඩි දියුනු කරන ලද ආරක්ශාව හා සුනම්‍ය ක්‍රියාකාරීත්වය ආයතනික මට්ටමේ සිට සමන්‍ය භාවිතාකරන්නා දක්වා බොහෝ අය මෙම නව මෙහෙයුම් පද්ධති සංස්කරනය වෙතට කැදවා ගැනීමට හේතුවනු ඇති බවය. එසේම ධාවනය වන උපාංග අතර වන පරතරය අවම කරමින් තොරා ගන්නා app එකක් එක් platform ආකාරයකට ඔනෑම උපකරන පරිසරයකට පොදුවන සේ ලබා ගත හැකි One Store පහසුව භාවිතාකරන්නාහට නව තොරතුරු භාවිතා යුගයක් ‍රැගෙන විත් ඇති බවට ඔවුන් යෝජනා කරමින් සිටිනවා.
                                                                                                                               Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...