2014-10-22

Windows 10 හි Technical Preview build 9860 නිකුත්වේ.....

  Microsoft ආයතනය තම Windows 10 පෙර සංස්කරන නිකුතුවෙහි නව සංස්කරනයක් මේ වන විට නිකුත් කොට තිබෙනවා. Windows 10 build 9860 ලෙසට නම්ව පැමින ඇති මෙම මෙම සංස්කරනයෙහි නවාංග කිහිපයක්ම වන බවටයි දැක්වෙන්නේ. ඒවා අතර වින්ඩෝවක් විවෘත කිරීමේදී මෙන්ම වැසීමේදී new animations ක්‍රියාකාර කමක් සමග දකින්නට හැකි වනවා. එසේම මෙම සංස්කරනයත් සමග නව icons කිහිපයක පැමිනීමත් දක්නට ලැබෙනවා. මේවා සියල්ලටම වඩා භාවිතාකරන්නන්ගේ වඩාත් ආකර්ෂනය ලබාගන්නා අංගයක් වනු ඇති බවට Data Sense හා Battery Saver අංගයන් දැක්වෙනවා. Data Sense සමග උපකරනයේ Internet connection  සමග දත්ත හුවමාරුවීම වඩාත් සංවේධීව හැදෑරෙන බවටයි දක්නට ලැබෙන්නේ. එක් එක් app දත්ත පරිහරනය කරන ආකාරයේ සිට සමස්ථ උපාංගයම දත්ත භාවිතාව සිදුවන යුරු හැසිරවීමට අවශ්‍ය සැකසුම් මෙම අංගය සමග පැමින තිබෙනවා. එසේම Battery Saver සමග උපකරනයේ බැටරි බල භාවිතාව වඩාත් පාලනයට සහය වනවා ඇත. background ක්‍රියා කාරකම් මෙන්ම app ධාවනය පාලනය කල හැකි සැකසුම් මෙම අංගය සමග වන අතර 'Automatic Rules' වැනි සංක්‍රිය කිරීම් ඔස්සේ වඩාත් පහසුවෙන් එම ක්‍රියාකාරකම් ලබා ගත අහෙකි වනු ඇති බටයි දැක්වෙන්නේ.
                                                      www.it.seethawakapura.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...