2014-10-25

Windows 10 build 9860 නිකුතුව සැලකීමේදී එයත් සමග නවාංග 9841ක් සමන්විතව පැමින ඇති බවට.....

  microsoft සමාගම තම මිලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනයේ පෙර නිකුතූන් සංස්කරන දෙකක් මේ වන විට මුදා හැර තිබෙනවා. ඔවුන්ගේ Windows 10 build 9860 නිකුතුව සැලකීමේදී එයත් සමග නවාංග 9841ක් සමන්විතව පැමින ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. ඉන් ප්‍රධාන සමහරක්  පවා ඔවුනගේ නිවේදනය කිරීමේදී පවා ප්‍රකාශයට පත් නොකරනලද ඒවා වනවා. මීට අමතරව Microsoft ආයතනය එම සංස්කරනය දැනට අත්හදා බැලෙමින් ඇති පරිගණක පිලිබදවද සංක්‍යා සටහන් කිහිපයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතර එම සංස්කරනය ධාවනය වෙමින් ඇති පරිගණක 41%ක් Desktop වන බවත් 32% LapTop වන බවත් පවසන අතර 2% Tablet වන බවටත් පැහැදිලි කර සිටිනවා. වේගවත් නිකුතූන් කාලසටහනකට අනූව සිදුවෙමින් ඇති මෙම නිකූත් අතර වන යාවත්කාලීනයන් සමගද නවාංග කිහිපයකින් තම නව මෙහෙයුම් පද්ධතිය සංයුත්තකරවන්නට එම කටයුතු කරනබව පසුගිය යාවත්කාලීන සැලකීමේදී පැහැදිලිව දක්නට ලැබුනා. තවමත් වඩාත්පෙර සංස්කරන නිකුතූන් මට්ටමේ මෙම මෙහෙයුම් පද්ධතිය ඇති අතර සාමාන්‍ය භාවිතාවට නියමිත පෙර සංස්කරනයන් එලබෙන වසරේ මුල් භාගය වන විට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

ආරක්ෂිත පරිගණක භාවිතාවකට..

අද වන විට ඔබගේ පෞද්ගලිකත්වය සහ ඔබගේ පරිගණකය වෙන් කල නොහැකි එකි නෙක සම්බන්ඳිතයක් වෙමින් ඇත. එලබෙමින් ඇති AI මූලික පරිගණකය මේ බවද ඉක්මවමින් ඉද...