2014-10-31

Microsoft වෙතින් එන Band පිලිබදව වැඩි දුර තොරතුරු කිහිපයක්....

   Microsoft වෙතින් පලඳින ආකාරයේ නිකුතුවක් පැමිනෙන බවට කල සිට තිබුනේ බලාපොරොත්තුවකි. ඒ පිලිබදව නෙක ආකාරයේ අකාවැකි පලවෙමින් තිබෙනද ලදී. සමහරුන්ට අනූව SmartWatch තරග කරුවෙකුගේ පිවිසීමක් බලපොරොත්තුවුවද විටින් විට පලවූ අනවැකි වෙතින් පැහැදිලි වෙමින් තිබූ කාරනාවක් වූවේ එය භාවිතාකරන්නාගේ සෞඛ්‍ය ජීවිතයට වැදගත් සහයකයෙකුව වෙමින් පැමිනෙනු ඇති බවකි. අවසානයේ ගෙවී ගිය දිනයකදී Microsoft වෙතින් එම නිකුතුව නිවේදනය වන ලදී. භාවිතාකරන්නාගේ  SmartWatch භාවිතාවට සහයකුවෙමින් ඒ වෙතට පැමිනෙන ඊමේලයන්, පනිවුඬයන් ආදිය සදහා දුරකථනයම බහාලනයෙන් ඉවතට ගැනීමට අත්‍ය අවශ්‍ය නොවන සහයක් එය ‍රැගෙන විත් තිබූ අතර ප්‍රධානපෙලේ සියලුම මෙහෙයුම් පද්ධති තල සමග සහයෙන් කටයුතු කරන්නට හැකිව එය පැමින තිබිනි.  වැදගත්ම එය සතු අංගයව තිබුනේ එයටම ස්ථාපිතව පැමිනෙන සංවේධකයන් 10ක් ඔස්සේ භාවිතාකරන්නාගේ සෞඛ්‍ය තොරතුරු ‍රැස්කර දෙන්නට සමත්ව තිබීමය. සමස්ථයක් ලෙසට attractive fitness tracker ලෙසට අර්ථ දක්වන්නට සූදානම්ව පැමිනි මෙම නිකුතුව ඔස්සේ භාවිතාකරන්නාගේ පියවර ප්‍රමානයේ සිටම මානසික ආතති මට්ටම දක්වා තොරතුරු නිරාවරනය කර දෙන සූදානම් වන බවටයි පැවසුනේ. Microsoft හි  HealthVault දත්ත තලය ඔස්සේ මෙම තොරතුරු භාවිතාකරන්නගේ සෞඛ්‍ය උපදේශකවෙතට දක්වා සුරක්ෂිතව සංනිවෙදනය කර දෙන්නට දක්වා පුලුල් පරාසයක එය සූදානම්ව සිටින බවටයි ඔවුන් හෙලිකර සිටියේ.සරලව භාවිතාකරන්නාගේ දින සැලසුම් වල සිට නිදන, ආහාර , ව්‍යායාම වැනි මෙකී නොකී සියලුම සෞඛ්‍යමය තොරතුරු සදහා මැදිහත් වීමක් මෙම උපාංගය ගෙනෙන බවටයි අවසාන වශයෙන් හෙලි වන්නේ. 
                                  දැනට US සීමාවතුල පමනක් නිකුත්වන්නට නියමිත මෙම පැමිනීම විනාඩි 90ක බලගැන්වුමක් සමග පැය 48ක ක්‍රියාත්මක කාලයක් ලබා දෙන බැටරියකින් සමන්විත වන අතර ඩොලර් 199කට මිලව තිබෙනවා. දැනට වන තොරතුරු හෙලි කරන්නේ US තුල මෙම උපාංගය වෙනු වෙන් සැලකිය යුතු අවධානයක් ලබා ගන්නට සමත්ව ඇති බවත් Online ආකාරටද ඇනවුම් කිරීමේ අවස්ථාව දැන් විවෘතව ඇති බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...