2014-10-27

පසු තොරතුරු යුගය....

  පසු තොරතුරු යුගය විවිධ ආකාරයට අර්ථ දක්වනු දක්නට පුලුවන්. කෙසේ මුත් මා එය දකින්නේ තාක්ශනයක් ලෙසට එය දිදුලන යුගයේ සිට භාවිතාවක් ලෙසට තීරනාත්මක වන යුගය ලෙසටය. සැබවින්ම එය තාක්ශනයකි. තාක්ශනයක් ලෙසට දිදුලන යුගයේදී එය මිනිසා වෙතට අත්පත්කර දී ඇති වටිනාකම් බොහෝය. දෛනික ජීවිතය වටා වූ බොහෝ මිනිස් හැකියාවන් තියුනු වේගවත් යාන්ත්‍රික බවකින් තීව්‍රකර දෙන්නට එය යසට මුල්වී ඇත. 
                පසුගිය එතරම් වර්ණවත් නොවනු ඇති බවට නිගමනය කල හැකි පෙර සලකුනු ලොව දසතින් දැක්වෙමින් ඇත. බොහෝ තාක්ශනයන්ට වඩා පුලුල් පරාසයක් මෙම තාක්ශනයේ විෂය සීමාව වීම මෙම ගැටලුවේ පදනම ලෙසට සැලකිය හැක. එනම් තොරතුරුය. එක් කෝනයකින් විමසන විට සමස්ත ලෝක විෂයටම පොදු  අවකාශයක් මත එය ක්‍රියාත්මක වෙමින් ඇත. දේශපාලනය , ආගමින , ආර්ථික ,සංස්කෘතීක වැනි මෙකී නොකී සියලුම විෂයන් මත්තේ එය ක්‍රියාත්මක වෙමින් ඇත. සංස්කෘතික, ආගමික මෙන්ම දේෂපාලන තලයේදී තත්වය වඩාත් සංකීර්න වේ. ඒවා පලනය වන පසුබිමවන් ඉතා සාම්ප්‍රධායික හා සෙමෙන් චලනය වන ඒවා වීම මීට වඩාත් හේතුවනු අදැකිය හැක. තත්වයේ වඩාත් සංස්කීර්න අවස්ථාවේදී එය අභියොගයට ලක්වෙමින් දෝලනය වන්නක් බවට පත්වීම කෙමෙන් දක්නට ලැබෙමින් ඇත. වඩාත් තීරනාත්මක අවස්ථාවලදී එම සාම්ප්‍රධායික ආයතනයන් විසින් තොරතුරු තාක්ශනය ‍රැගෙන විත් ඇති මිනිස් වර්ගයා පාලනය වීමේ වැදගත්ම සාධකව තිබූ දුර හා කාලය පිලිබද සාම්ප්‍රධායික මානයන් පිලිබද ප්‍රමිතීන් නොසලකා හැරීම නොරුස්සනු ඇත.