2014-10-09

"ඒ බව" හැර අදාල දෘඩාංගයන් දියව ගොස් ඇත.

   අපි මේ වන විට තේරුම් ගනිමින් සිටිනවා තව දුරටත් රූපවාහිනිය, ගුවන්විදුලිය, පරිගණකය වගේ නිශ්චිත භෞතික උපාංගයකට බැදුනු ක්‍රියාකාරීත්වයන් ඒ ආකාරයටම තේරුම් ගන්නට උත්සාහ කිරීම අවලංගු වෙමින් පවතින බව. ඒවා ව්ම නිශ්චිත උපාංග වලින් මිදිලා පාවෙන ස්වභාවයක් අරගෙන තිබෙනවා. මම හිතනවා වඩාත් පහසු වේවි මෙම තත්වය "රූපවාහිනී බව, ගුවන්විදිලි බව නැතිනම් පරිගණක බව" වගේ නිශ්චිත ක්‍රියාකාරකමක නමින් තේරුම් ගන්නට උත්සාහ කලොත් කියලා. විශේෂයෙන් පරිගණක බව මේ පෙරලියේ නියමුවා බවටයි අපට පිලිගන්නට වෙන්නේ. "ස්මාර්ට් ශීත කරනයේ" අභන්තරයේ ක්‍රියාත්මක වන පරිගණක බව මුලුතැන් ගෙයෙහි අඩුපාඩු ස්වංක්‍රීයව ඔබේ වෙළඳ සැල වෙතට වර්ථාකරමින් නිවසේ ඉදිලි දොර‍ටුව වෙතට ගෙන්වා ගන්නා විට එම ශීත කරනයේම දොරෙහි වන තිරය අලුත්ම ආහාරන පිසින ආකාර දැක්වෙන මෙනු වලින් පමනක් නොවේයි උදාහරන වීඩියෝ වලින්ද සමන්විතව  ඔබට සහය වන්නට සූදානම් වෙනවා. ඒවිතරක් නොවෙයි මේ අතර විකාශනය වෙමින් ඇති රූපවාහිනි විශේෂ පුවතක් නැතිනම් ඔබ ප්‍රිය කරන ටෙලි නාට්‍යයයක කොටසක් දැන් නරබනවාද නැතිනම් පසුව නරබනවාද කියා ඔබට තීර්නය කරන්නට සහයවෙමින් අවශ්‍ය නම් දෘශ්‍ය අවධානය අනවශ්‍ය ගුවන් විදුලි වැඩසටහන නම් අසන්නට සලසන්නට සූදානම්ව පැමින තිබෙනවා. 
                 අපි මේ වන විට පැහැදිලිව හඳුනා ගනිමින් සිටිනවා තිරය තවදුරටත් එහි රස වින්දනය පාලනය කරන සාධකයන් වන්නට නොහැකිව තිබෙන වග. ස්මාර්ට් දුරකථනයේ තිරයේ සිට ටැබ් උපාංගයේ, ලැප් ටොප් උපාංගයේ නැතිනම් නිවසේ ප්‍රධාන තිරය වන රූපවාහිනියේ තිරය දක්වා වන ඔනෑම තේරීමකට අවශ්‍ය නම්‍යතාවය තාක්ශනය විසින් විවිධ වෙළඳ නාම යටතේ පැමිනෙමින් තිබෙනවා. විවිධ සේවාවල් විසින් සජීවී රූපවාහිනි වැඩසටහන් වේලාවල් අනූව ඔබ හැසිරිය යුතුද නැතිනම් දවසේ පහසු වෙලාවල් වලට නැරබීමට අවශය ආකාරයට පහසුකම් ගෙනෙන්නට සූදානම්ව සිටිනවා. අමතක කරන්නට එපා මුද්‍රිත මාධ්‍ය වලට ප්‍රිය කිරීම අපේ සාම්ප්‍රධායික පුරුද්දක් මිස අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බවට තාක්ශනය යෝජනා කිරීමම ටිකක් පරන කාරනාවක් වීම පැහැදිලි තත්වයක් බව.
                                                                                                                                Pubudu Siriwansa

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...