2014-10-28

"ඒක සමාජයෙන් පැමිනෙන්නක්ද? ජීව විද්‍යාත්මක පදනමකින් පැමිනෙන්නන්ක්ද?:..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (41)

   සැදෑව උදාවත් සමග් අප ආපසු ආශ්‍රම භූමි සීමාවට පැමිනෙන්නට සමත්වීමු. තවත් දිනයක නිමාව සලකුනු කරමින් ක්‍රමයෙන් හිරු අවර දිසාවේ සීමාවට පැමිනෙමින් තිබුනි. "ලෝකයෙන් මත්වීම පමනද ජීවිතය?" වරක් අප අධයාන ආයතනය වෙතට පැමිනි මතවාදී විද්වතෙකුගේ  සිත් ඇහැරවන දේශනයක මාතෘකාව විය.  ඔහුට අවශයව තිබුනේ සැබෑවටම ජීවිතය පැමිනෙන්නේ කොහින්දැයි විමසීමක් අසන්නන්ගේ සිත් තුල අවදිකරන්නට පමනී. "ඒක සමාජයෙන් පැමිනෙන්නක්ද? ජීව විද්‍යාත්මක පදනමකින් පැමිනෙන්නන්ක්ද? විවිධ ලෙසට විමසා බලන්නට ඔහු අප වෙතට අපූරු ආරාධනාවක් ගෙනෙන්නට සමත්විය. ඒ වන  විට මා හදරා තිබූ දහම අනූව "මත්වීම" වචනය වෙනු වට "ඇලීම" වචනය ආ විටක ගැටලුව හොඳින් මට පැහැදිලි වෙතැයි හැගිනි. "නිශ්ක්‍රීය ජීවිත පැමිනෙන්නේ මනෝ අසමබරතා හරහා පමනක්ද? ජීවිත විරෝධීන් පව සමහර සමාජ රටා තුල වඩා වටිනාකමක් හිමි කර ගන්නේ කෙලෙසද? " අප තුල එම විමසුම හුදු පෞද්ගලික අර්ථ ඉක්මවමින් ඉදිරියට යවන්නට ඔහුට අවශ්‍ය විය. වඩාත් දාර්ශනික ස්වරූපයක් ගත් ඔහුගේ දේශනය සමහරුන් තුල මහත් අපහසුතාවයක් ඇති කරන තරමේ තමන් පිලිබදවම නැවත විමසීමක් විවෘත කරන්නට සමත්වීමක් විය. විටක ආශ්‍රම රිද්මය දැන් මට දැරිය නොහැකි තරමට සියුම් එකක්ව දැනෙනවා විය හැක.  දැනුම වෙතට ඇති ලොබ බව, පහන් ස්වරූපයක් ගත් ඇයගේ ඇසුර වැනි බොහෝ දෑ මා නැවත එදෙසට ආකර්ශනය කරමින් සිටිනවා විය යුතුය.
                                                                                            Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...