2014-10-27

ඒ වන විටත් ඔබ ඒ සදහා එකගව සිටියොත් අපි ඉදිරියට යමු....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (41)

   එය පැහැදිලි සැදෑවක් විය. අහසේ තැනින් තැන වූ වලකුලු කැටිති මතින් පරාවර්තනය වන හිරු කෙඳි නෙක වර්න කිහිපයක්ම මවමින් අප සිටි කදු මුදුනත නැරබුම් ප්‍රදේශය සුරපුරයක මෙන් අලංකාරව  පැවති මොහොතකද විය. "එලබෙන සතිය වන විට මම ඒ අධ්‍යන ආයතනය සමග වන ගිවිසුම අවසන් වනවා" අපසසුවෙන් වුවද  මම් එම දෙබස ඇරබුවෙමි."ඒ කියන්නේ ඊලග සතිය වන විට ඔබ මෙහි නැති බවද? සැලෙන හඬකින් ඇය අසා සිටියාය. " මම හිතන්නේ. ගිය වසරේදී එලබුනු එකගතාවය නිසා මට අසවල් ආයතනයේ සේවයට වාර්ථා කරන්නට සිදුවෙලා තිබෙනවා" මෙහි ටිට සැතපුම් දහස් ගනනක් දුරින් වන අධ්‍යාන ආයතනයක නමක් සදහන් කරමින් මම තත්වය පැහැදිලිකර සිටියාය. " එතකොට අපේ හැදෑරීම් සටහන් පෙල එතැනින් අවසන් වන බවද ඔබ කියන්නේ?" වඩාත් හැගීම් බර හඬකින්  දෙබස ඉදිරියට ගෙනයන්නට ඇය වෙර දරමින් සිටියාය. "ඔබ සිතනවාද මේ හැදෑරීම ඔබගේ කාලය අපතේ යැවීමක් වූවා කියලා?" මා අතවූ අප හෑදෑරීම් සැලසුම දක්වමින් අසා සිටියාය. " ඇත්තෙන්ම නැහැ, ඒක අපූරු හැදෑරීමක්. හුදෙක් බෑදීමක් නිසා නොව දැනුමට වූ ආශාව නිසාම දිග හැරුනු ඒ කාලයට මම හරිම කැමතියි. ඒ වෙතට අපූරු මෙහෙයවීමක් කල ඔබට ගොඩාක් ස්තුතියි.ඒත්..." ඇය අපහසුවට පත්ව ඇති බවක් මට හැගුනි. "මම හිතුවා ඔබ තව වසරක්වත් මෙහි ‍රැදේවි කියලා.." අපහසුවෙන් තම දෙබස අවසන් කරන්නට මෙන් ඇය මිමිනුවේය. "ඔබ මේ සටහන් පෙල ගෙනියන්න. ඔබ සිතනවා නම් මම ගත් උත්සාහට සාධරනය ඉ‍ටු වෙලා නැහැ කියලා ඔබ වැරදියි. ඒ කාලය තුල ලත් අපූරු ජීවිත අත්දෑකීම මට හොඳටම සෑහෙනවා. ඒ ගැන මම ඔබට ගොඩක් ස්තූතිවන්තද වෙනවා. ඔබ අපූරු කෙනෙක්" සාමන්‍යයෙන් එතරම් හැගීම් බරවීම් හෝ සංවේඳීවීම් මෙම සමාජ පරිසරයේදි දුලබ අත්දෑකීමක් වුවද ඇය වෙතින් ඒ බව පලවෙමින් තිබිනි. "මට ඒක ‍රැගෙන යන්නට අවශය නැහැ, ඒක අපූරු වටිනා හැදෑරුමක් වුවත්. ඉදිරි වසර දෙක තුන තුල අප නැවත හමුවීමක් ගැන මට විස්වාසයක් හැගෙමින් තියෙනවා. ඒ වන විටත් ඔබ ඒ සදහා එකගව සිටියොත් අපි ඉදිරියට යමු"  එදින ඒ පිලිබදව වූ දෙබස එතැනින්  නැවතිනි.
Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...