2014-10-27

එනම් මම ආපසුව යා යුතුවම ඇත..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (40)

   "අපි කථාකරමුද?" මද දුරක් ඉදිරියෙන් යමින් සිටි ටිබෙටියානු මිතුරා එකවරම නැවතී මාදෙසට හැරී ඇසුවාය.  "මොනවා පිලිබඳවද?" මම පැහැදිලි කරගන්නට උත්සාහ කලෙමි. "අපේ දහම් ජීවිතය ගැන" යලි ගමන් අරබමින් ඔහු දිගටම කථාකරන්නට පටන් ගති. " ඔබ නොදන්නවා නොවේ අපි ඉන්නේ සරල මුල් දහමේ පැහැදිලි කරන හීලෑ නැති සතෙකු බැද තබන්නට  අවශ්‍ය වනවා සේ තත්වයකට වඩා බොහෝ දුරින් බව, මම නම් යෝජනා කරන්නේ ඔබ ආපසු ගොස් ඈතක තබා විත් ඇති සිත නැවත ‍රැගෙන ආ යුතුයි, නැතිනම් එහි ඔබ කයින්ද නතර විය යුතුයි. හැබැයි ඒ විසදුම් දෙකටම එකග නොවී ඔබ මේ ගතකරන ජීවිතයනම් ඉක්මනින්ම ගැටලු සහගත විය හැකියි."  මතකය අපූරු උපකරනයකි. එහෙත් කලතුරකින් හෝ හසුරවා ගන්නට නොහැකි වීමෙන් භවිතාකරන්නා මහත් අපහසුතාවයට පත්වේ. "ඇත්තෙන්ම  පරිගණකයක මතක ගබඩාව මෙන් එහි ‍රැදී ඇති දෑ ඉතිරි කොටස් වලට නොදැනෙන සේ ක්‍රියාත්මක වනවා නම් මොනතරම් හොඳද? ඒත් ඒවා අතර තියෙන බොහෝ දෑ හැගීම් ඔස්සේ මුලු පද්ධතියටම උනත් බලපාන්නට පුලුවන් විදිහටයි මිනිස් පද්ධතිය නිර්මානය වෙලා තියෙන්නේ. භෞතිකව හදාරනකොට හමුවෙන්නේ රසායනික චලනයන් ගොඩක්. තීරනාත්මක සීමව ඉක්මවා යාම යනු සමහර විටක නැවත පැමිනෙන්නට  බැරි සංකීර්න තත්වයක සිරවීමක්.  තත්වය ඔහුවඩාත් පැහැදිලි කර දෙන්නට වූවාය.
                 මා මා සමගම කෙටි සංවාදයකට පිවිසුනෙමි. කුඩා කල සිට හෑරීම් අවකාශයට වූ අසීමිත කැමැත්ත ඇය විසින් අපූර්ව ලෙසට අවදිකරවා දමා ඇත. අප හමුවූ පරිසරයද ඊට මහත් පසුබිමක් වන්නට ඇත. මේ දැඩි කැමැත්ත බලයක් යොදවමින් පාලනයට යාම සහනශීලී විසදුමක් නොවනවා පමනක් නොව සංකීර්න ගැටලුවකට මගක් වීමේ අනතුරද අමතක කර දැමිය නොහැකිය. ආපසු ආශ්‍රම භූමියට ඇතුලු වන්නට පෙර දැඩි තීර්නයකට එලබෙමි. එනම් මම ආපසුව යා යුතුවම ඇත. ගම් වැසියන්ගේ අපූර්ව ජීවිත රටා පිලිබදව හැකි තොරතුරු ප්‍රමනයක්ද සමග ආපසු ගියහොත් වඩාත් ආකර්ශනීය සටහන් ගොනුවකට ආරම්භයක් ගත හැකි වනු ඇත. 
                           pubudu Siriwansa