2014-10-24

එතැන් පටන් අප හමුවන සැදෑවල් අතරින් සමහරක් අප මේ හෑදෑරුම් අවකාශයටද යොමුකෙරවිනි...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (38)

   ටිබෙටියානු මිතුරාගෙන් සගවන්නට කිසිවන් නැත. බොහෝ කලකට පසුව ජීවිතය යලි අසරන බවකින් වෙලී ඇතුවා සේ දැනෙන්නට පටන් ගෙන තිබේ. එය ඇය ගැන වන ආශාවක් නොවන බව මටද පැහැදිලිය. අප උදයානයේ සැදෑවක හිරුමූවාවට සූදානම නරබමින් සිටින මොහොතක් විය. "මට හිතෙනවා අප දෙදෙනාගේ හමුව අපූරු හෑදෑරුම් සටහනක් කරන්නට ඇත්නම් කියලා" මම එකවරම ඇයට යෝජනා කලෙමි. "තව පැහැදිලි කරන්න" ඇය වඩාත් තැන්පත්ව මා දෙසට අවධානය යොමු කරන්නට විය. "තොරතුරු තාක්ශනය අද සිලිකන් මූලික ගොඩ නැගීමකට සීමා වෙලා තිබුනට වඩාත් ඉහල මට්ටම් වලදී කබන් මූලික රටා විතරක් නෙවේ ක්ශුද්‍ර ජීවින් හා සම්බන්ද වන දිසා වලට පවා හැදෑරීම් දිග හැරී ඇති බව මම තරමක් දුරට කියවලා තිබෙනවා. අපිට බැරිද මේවා ගැන විදයාත්මක බව හොඳින් මුසුවුනු නිර්මානාත්මක දෙයකට උත්සාහ කරන්න. " මම යෝජනාත්මක බැල්මක් සහිතව ඇය වෙතට යොමු කලෙමි. විටක අලස බවක් පැවද ඇය හැදෑරීම් අවකාශය දෙසට මහත් උනන්දුවක් ප්‍රබෝධයක් දක්වන්නියක් මම තේරුම් ගෙන සිටියෙමි. "මම හිතනවා එක හොඳ අදහසක්" ඇයගේ පිලිතුර සමග වූ මහත් ප්‍රබෝධය මා කල යෝජනාව වෙතට මහත් සුබදායී  ප්‍රථිචාරයක් බව හැගිනි. "මම කියන්නේ, ඔබේ දැනට සිදුවෙමින් පවතින වැඩි දුර අධ්‍යාපන කටයුතු වලට බාදාවක් නොවන අයුරින්" ඇයගේ අනාගත ඉලක්ක වෙතට මා නොසැලකිලිමත් වෙනවා යැයි සිතින් චෝදනාවක් නැගෙන්නට පෙර මට කියැවිනි.
                එතැන් පටන් අප හමුවන සැදෑවල් අතරින් සමහරක් අප මේ හෑදෑරුම් අවකාශයටද යොමුකෙරවිනි. පොත්පත්, හඬ පට , අන්තර්ජාල ඔස්සේ මෙන්ම හැදෑරුම් මිතුරන් ඔස්සේද අප වේගයෙන් තොරතුරු ‍රැස් කරන්නට වීමු. අන්තර්ජාලය ඔස්සේ එම ඒවා සමහරක් ලොව විද්වතුන් අතරටද යොමුකරමින් වැඩි දුර සංවාද ගොඩ නැගෙන්නට ඉඩ හරින්නට පටන් ගත්තෙමු. ඇය පරිගණක යතුරු පුවරුව ඔස්සේ සටහන් තබනවාට වඩා ඇයගේ අත් අකුරු වලින්ම එම සටහන් නිමවන්නට කැමති විය. අවසාන දවස් වන විට ඒ සදහා වූ හමුවන් වෙතට ඇය පැමිනියේ පි‍ටු සිය ගනනක ගොනුවකද ‍රැගෙනය. ඒවා සියල්ල සටහන්ව තිබුනේ ඇයගේම අත් අකුරින් වීම විටක මාතුල විමතියක්ද ගෙනෙන සුලු විය. සමහර සෑදවල අවහන්හලේ කෙලවරක අසුන් ගෙන හෝරා ගනන් වඩ වඩාත් තොරතුරු විමසමින් ඒවා හදාරමින් කාලය ගත කෙරුවෙමු. සමහර විටක අවහන්හලේ කලමනාකරනය කුඩා බිල්පත් පවා නොසලකා හරිමින්  අපට සහය දක්වන්නට කැමති විය.
                                                                          Pubudu Siriwansa

ආරක්ෂිත පරිගණක භාවිතාවකට..

අද වන විට ඔබගේ පෞද්ගලිකත්වය සහ ඔබගේ පරිගණකය වෙන් කල නොහැකි එකි නෙක සම්බන්ඳිතයක් වෙමින් ඇත. එලබෙමින් ඇති AI මූලික පරිගණකය මේ බවද ඉක්මවමින් ඉද...