2014-10-19

වගා භූමිය ඔස්සේ වැතිරුන ඒ මාවත සරල රේඛාවක් බඳුව දිවෙන්නේ අනන්තයට සේය... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (34)

    ඇගේ නිහඬතාවය මගේ දොඩමලු බවට ආරාධනාවක් විය යුතුය. "හිතන්න දැනුම කියන්නේ හරියට ලෝකය කියන  අඳුරේ තියෙන චිත්‍රයට හෙලන පහන් ආලෝකයක් වගේ. මිනිසුන් ක්‍රමයෙන් ලොකය හඳුනා ගන්නට ඒ දැනුම භවිතාකරනවා. සාමන්‍ය ජීවිතයකට අවශ්‍ය දැනුම අද ලොකයේ පිලිගත් මූලික අවශ්‍ය තාවයක් ඒ අතරින් සමහරක් තමන් වැඩියම ප්‍රිය කරන විෂය ඔස්සේ වැඩි දැනුමක් ලබා වෘතිකයෙකු වනවා. හරියට ඔබ වගේ." ඇය දොඩමලු බවට සේම සවන් දීමටද හපනියක් වීම අපේ මිත්‍රත්වය සදහා වඩාත් බලපෑ ඇතැයි මම සිතමි.
                                         වගා භූමිය ඔස්සේ වැතිරුන ඒ මාවත සරල රේඛාවක් බඳුව දිවෙන්නේ අනන්තයට සේය. දෙපස මද දුරින් දුරට වන විසල්  අතුපතර විහිදුනු රුක්ෂයන් තව තවත් එන්න යැයි කරන ආරාධනාවක් බඳුය. "ජීවිතය වගේ". මා නිවැරදිය . යහපත් මිතුරු බව යනු අනෙකාගේ හැගීමක් පවා හොදින් හඳුනාගන්නට තරම් සුසර වූ මනස් පිලිබදව අපූරව සටහනකි. හඬින් යනෙන දෙබසින් මිදෙන සිතුවිල්ලක ගමන් මග හඳුනා ගන්නට තරමට අපගේ මිත්‍රත්වය වැඩී ඇත. මදුරක් ඇවිඳගිය අප මාවත අද්දර වූ සෙවනක ගිමන් නිවන්නට වුනෙමු. ඈ ‍රැගෙන විත් තිබූ මද උනුසුම් කෝපි බඳුන ක්‍රමයෙන් වැඩිවන සීත බවට දිව ඔසුවක් විනි.
                                                                        Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...