2014-10-16

මා හැම විටම තාක්ශනය පින්සල වන්නට මිස පින්සල් පහර වන්නට ඉඩ නොතැබු වේයැයි... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (30)

  එක් උදෑසනක් වෙනදාට වඩා අපූරු බවකින් උද්‍යානය හැඩවී තිබිනි. ‍රැඩිකල් ආකාරයේ නව චිත්‍ර ශෛලයකට නෑකම් කියන ශිල්පියෙකුගේ මනරම් සිතුවම් පෙලකින් එහි එක් පෙදෙසක එලිමහන ඔපවත්ව තිබිනි. පරිගණකය ආශ්‍රිත්වද නිමවන ඔහුගේ සිතුවම් දැක්ම නම්ව තිබුනේ "මම ඔබව නැවත ලියමි" ලෙසටය. සාමාන්‍යයෙන් අප දකින යාන්ත්‍රික බව ඉක්මවන ගැබුරු බවක් ඒවා වෙත ගෙනෙන්නට පරිගණක ඇසුර භාවිතාකර තිබීම  කාගේත් සිත් ගන්නක් විය. සමකාලීනව ලොව පුරා නැගෙන නෙක ආකාරයේ මතවාදී නැබුරූන් හදාරමින් එවා සමග තම තම පුද්ගල හැගීම් රටා මුහු කරන්නට ඔහු මනා නිපුනයෙකු බව ඒ හැම සිතුවකින්ම පිලිබිගු විය. එක් සිතුවමකට ඔහු අපූරු ආකාරයේ පූර්විකාවක්  පෙල ගස්වා තිබිනි. " -ස්තුතියි.  -ඇයි ඒ.  -මම ඔබෙන් ලද ආභාශයට. -මේ මම.  - ඔව් හැබැයි මම හොරකම් කලා නම් නෙවෙයි, ඒත් කියන්නට බැරිඋනා. 
                "සියලු මිනිස් සබදතා හුදු ආර්ථික අර්ථයෙන් පමනක් ගලපන්නට උත්සාහ කරන පරිසරයකදී නැවත ජීවිතයට එන්න කියන්න එයාට ඔනෑ වෙලා තියෙනවා වගේ." බොහෝ වෙලාවක්  නිහඬවම සිතුවම් අතර ඇවිද ගිය ඇය අවසානයේ තම නිශ්ශබ්ද බව අවසන් කලාය. "මටත් එහෙම හිතෙනවා නිමක් නැති ආකාරයට ජීවිතය භෞතිකයන් අතර වලලන්නට තැත්කරන ලෝකයට  ඔහු සමහර වෙලාවට කිසිම අනක් ගුනක් නැති මිනිහෙක් වගේ ‍රැඩිකල් විදිහට පහර දෙන අකාරය හරිම අපූරුයි. "හැබෑයි ඒ හැම දේකටම වඩා මගේ සිත් ගත්තේ අර ස්තුතියි.. කියලා පටන් අරන් තිබුනු පූර්විකාවට"  මම විවෘත වුනෙමි. "ඇයි ඒ." ඇය විමසුවාය. "මේ මට ඔබට කියන්න තියෙන්නෙත්  ඔය ටිකම තමයි". ඇය නැවතත් එම සටහන කියවන්නට විය. අවසානයේ  "මේ මම නිසා" විමතියට බර මුහුනුවරක දරමින් ඇය මගෙන් විචාලාය. සිතුවම් පෙල අවසානයේ සමුගැනීමේ සටහනක්ද විය. "මා හැම විටම තාක්ශනය පින්සල වන්නට මිස පින්සල් පහර වන්නට ඉඩ නොතැබු වේයැයි විස්වාස කරමි. පැමිනීයට ස්තුතියි"
                                                                                            Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...