2014-10-16

ඇය ප්‍රාථමික වෛද්‍යවරියක් නොවිනි.... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (30)

   සීතල පිනි කැට විසිරුනු උදෑසන පැමිනෙමින් ඇති බවට පෙර දැනුම් දීමක් වැනි, ක්‍රමයෙන් අවදිවන සියත් රාවය ඇරබෙමින් ඇත. කායික වෙහෙස මෙන්ම ප්‍රබෝධමත් සිත ආශ්‍රම රටාවාවේ උදෑසන ඇරබුම මදක් මග හැරෙන  මද වැඩි නින්දකට මා කැදවා ගෙන ගොස් තිබුනා විය යුතුය.. සාමන්‍යයෙන් මෙහි නැගෙන හිර කඳු පෙල ඔබ්බෙන් යාන්තමින් අහස පැහැගැන්වෙන විට අවදිවීම සිරිතය. තම කුටියේ ඉදිරිපසදී තනිවම හෝ ශාලාවට පැමින සමූහ ලෙසට හෝ යෝගී අභ්‍යාස කිහිපයක යෙදීම ප්‍රබෝධමත් මෙන්ම පැහැදිලි දවස ඇරබුමට මහත් සහයකි. ආගන්තුක කුටියේ කවුලුවෙන් පෙනෙන සක්මන් මලුවට යාබදව ඇති තන බිස්ස මත වැතිරුනු  සිහින් දිය කැට මදක් හෝ තවමත් සිරුර මත ඇති අනවදිමත් මවක් ඇත්නම් එය බඳදමන්නට අපූරු ඔසුවකි.
                 එම නගරය මෑදට වන්නට තිබූ උද්‍යානයේ සමහර උදෑසනවලදී ඇවිදින්නට පැමිනීම ඇයගේ සිරිතක්ව පැවතිනි. උදෑසනම දේශන නියමිතව නැති සමහර දිනවලදී මම එහි යන්නට පුරුදුව සිටියාය. ඉමහත් ප්‍රබෝධයෙන් අවදිවන නගරය , එහි වැසියන් බොහෝ විට සිනා මුසු මුහුනෙන් එකි නෙකාට සුබ පතන්නට නොපැකිල වන්නේය. "හරිම ප්‍රබෝධමත් නගරයක්" පැමිනි මුල්ම කාලයේ නේවාසිකාගාරයට හා අධ්‍යන ආයතනයට සීමා වී තිබූ මගේ දින චර්යාව වෙනස් කරමින් ඇයව හමුවන්නට පටන් ගත් මුල්ම දිනයකදී මට නිතැතින් කියවිනි. " ජීවවිද්‍යාත්මක මිනිසා තරම්ම සමාජ විද්‍යාත්මක මිනිසාත් ජීවිතයෙන් පිටතට වන සාමජයට පමනක් නොවේ තමන් තුලටත් බලපානවා. සමහර සංස්කෘතීන් ඒ අතීන් හරිම නිරෝගී වෙනවා. ඒවගේ සංස්කෘතියකට අයිතිව ඉපදීම වාසනාවක් කියලා මම හිතනවා" ඇය පැහැදිලිකරමින් පව්සන්නට පටන් ගත්තාය. " මනසින් මෙන්ම සිරුරින් නිරෝගිමත් මිනිසුන් එක්වෙලා තැනෙන සමාජයක් ඇතුලේදී වෛද්‍යවරුන් හැටියට වැඩි හරියක් සිදුවෙන්නේ වඩාත් සුවපහසු සමබර ජීවිතයකට මගකියනැක පමනයි. ඒක හරිම වාසනාවන්ත තත්වයක්.  ඔයා දන්නවද? ඒ වගේ ස්වභාවයක් නිර්මානය වෙන්නේ ඒ සමාජයේ ධනවත් බව ප්‍රධාන සාධකයක් කරගෙන පමනක්ම නෙවේ". ඇය ප්‍රාථමික වෛද්‍යවරියක් නොවිනි. ඇයට අවශ්‍යවූවේ ඇය ඉදිරියට පැමිනෙන්නාට කෙසේ හෝ ප්‍රථිකාර ගොනුවක් පටවන්නට නොවේ. ස්වභාවයෙන් පැමිනෙන නිරෝගී බව මෙන්ම එය මදක් අඬපනවී ඇත්නම් නැවත එම සාමය කැදවාගන්නට ඇති ස්වභාවික හැකියාව අවදිකරවන්නට හැම විටම ඇයට අවශ්‍යව තිබිනි. 
                                                                                                                                Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...