2014-10-14

සරල පැන්සල් තුඩකින් කඩදාසියක් මත අමුත්තෙකු ගේ ස්වරූපයන් චිත්‍රනය කරන්නට.. (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (29)

   අප උද්‍යාන භූමියේ ප්‍රධාන පිවිසුමට පැමිනෙන විට දැඩි අදුරින් හාත් පසම වැසී තිබිනි. මද දුරකින් වන නගරයකින් පැමින තිබූ ඇය මෙන්ම එම නගරයට ආගන්තුක බව වටහා ගත් ආරක්ශක නිලධාරීන් එම පරිසරයේදී සිදුවන ක්ශනික කාලගුන වෙනස් කම් පිලිබදව අපව දැනුවත් කරන්නට කාරුනික විය. එම රටෙහි වන ප්‍රධාන අධ්‍යන ආයතනයක් මෙන්ම වියතුන් , ලේකඛයන් නිතර ගැවසෙන නගරයක් ලෙසට සැලකෙන එම නගරය වෙතට පැමිනෙන්නන් සදහා විවේකී මෙන්ම නිදහස් පරිසරයක් ලබා දීම තම යුතුකම ලෙසට සැලකන බැවින් නගර පාලකයින් මෙවන් උද්‍යාන පහසුකම් විදීමට පැමිනීමට ආරාධනාත්මකව හැසිරෙන්නේ ලාබයක් සදහා නොවිනි. බොහෝ  විටම පැමිනෙන්නන් එම නිදහස ඔස්සේ අයුතු කටයුතු වලට නොපිවසෙන්නේ අනෙකාට අපහසුතාවය ඇති නොකිරීම තම යුතු කමක් ලෙසට සැලකෙන බැවින් මෙන්ම සංස්කෘතිකවද අනවශ්‍ය ලෙසට කායික මෙන්ම මානසික අවශ්‍යතා පාලනයට නොපෙලබෙන සුලු රවාක් එහි පවතින නිසා විය යුතුය.
              ඇයගේ රථය ධාවනය කරවන්නට මද අපකසු බවක් පලකල ඇය ඒ සදහා මට අරාධනා කරන ලදී.  දැඩි සීතල මෙන්ම වෙහෙස නිසාම සුපුරුදු අවන්හල වෙතට ගොස් උනුසුම් ආහාර වේලක අවශ්‍යතාවය අප දෙදෙනාටම පැමින තිබිනි. එදින සැදෑවේ පැමිනෙන්නන් සදහා අපූරු අමුත්තෙකු පැමින තිබිනි. සරල පැන්සල් තුඩකින්  කඩදාසියක් මත අමුත්තෙකු ගේ ස්වරූපයන් චිත්‍රනය කරන්නට ඔහුට අවශ්‍ය වූවේ විනාඩි කිහිපයකි. මම ඇගේ මුහුනුවර සරල රේඛා වලින් මතක සටහනක් කර ගන්නට කැමති බව යෝජනා කලෙමි. මුහුනුවරක වන සියුන් හැගීම් පවා විස්මිත ආකාරයට සරල රේඛාවන් ඔස්සේ ඉස්මතුකරවන්නට ඔහුට ගත වූවේ විනාඩි කිහිපයකි. අවහන්හලේ එක් කෙරවලක් පසු බිම ලෙසට වන ලෙසට ඔහු එම සිතුවම නිම කර තිබිනි. 
                                                                                           Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...