2014-10-12

"අපූරු හමුවීම් සමුගැනීමෙන් පසුව වඩාත් බලවත්ව ජීවිතය වෙතට පැමිනේ" .(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (27)

  "මම හිතන්නේ මම සමුගන්නට කාලය ඇවිත්" මිතුරා නැගී සිටියාය. ගබඩ භාරකාරතුමාගෙන් ලබා ගන්නා පන්දමක් අදුර මැදින් කදුමුදුනතට යන්නට ඔහුට පාර දක්වනු ඇත. අප ගබඩා කාර්යාලය වෙතට ගොස් අවශ්‍ය ආලෝකය ලබා ගන්නට කටයුතු කලෙමු. මෙහි පවතින පරිසර තත්වයන්ට වඩාත් ගැලපෙන ලෙසට එම ආලෝක පන්දම් නිර්මානය කරන්නට ගම් වැසියන් කටයුතු කරයි. විවිධ ශාක වලින් ලබා ගන්නා තෙල් වර්ග වලින් සැකසෙන එම ආලොකයන් ඔවුන් වෙනස් කරන්නේ ඒවායේ සංයුතිය වෙනස් කරමින්ය. එහිදී ආලොකයේ තත්වය , සුලඟ ප්‍රමානය, අවශ්‍ය දැල් විය යුතු කාලය වැනි විවිධක අවශ්‍යතාවයන්ට ගැල පෙන පරිදි ඒවා සකස් කරන්නට ඔවුන් හපනුන්ය.
                                    ගලා හැලෙන මඳ සඳ එලිය ආගන්තුක කුටියට යාමට පෙර තව වරක් එලි මහන් ආසනයේ තව වෙලාවක් ගත කරන්නට එන්නයි කියා ආරාධනා කරනවා වැනිය. අපහසුවෙන් උවද එම නගරයෙන් සමුගෙන ගියද කෙමෙන් කාලය විසින් ඇය අමතක කර දමන්නට සහය වනවා වෙනුවට වඩ වඩාත් අප ගතකල කාලයෙහි අපූරු නිමේශන් වෙතට සිත නැවත නැවතත් ‍රැගෙන යන්නට විය. වරක් නගරයේ පොත් හලක් වෙතට ගොඩ වූ අවස්ථාවක අප ආදරය කරන විෂයන් පිලිබදව ලියැවුනු පොත් කිහිපයක්ම අප එකිනෙකා අතර හුවමාරු කර ගතිමු. ඉන් එකක සටහනක් තබන්නැයි මම ඇයට ආරාධනා කලෙමි. "හමුවීමක් කොතරම් බරපතල දැයි නිවැරදිව හමුවන්නේ වෙන්වීමකින් පසුව ගලායන කාලය අනුවය. සමහර විටක එය දරාගත නොහැකි තරම් වීම එම හමිවීමේ සැබෑ වටිනාකම  කියා පානු ඇත." නව අධ්‍යාන ආයතනයේ සේවය ඇරබූමින් පසුව දිනෙන් දින ඇයගේ සටහන වඩාත් බලවත් වෙමින් ජීවිතය වෙතට දැනෙන්නට පටන් ගත්තේය. මුල් කාලයේදී එම නගරයේ වූ අවන්හල් වෙතට ගොඩ වැදීම මග හැර සිටින්නට පවා සිත්වන තරමට එම මතකයන් දැඩිව ජිවිතය වෙතට පැමිනෙන්නට පටන් ගත්තාය. "අපූරු හමුවීම් සමුගැනීමෙන් පසුව වඩාත් බලවත්ව ජීවිතය වෙතට පැමිනේ" වරක් දින සටහනක අකුරු කරවන්නට තරම් එම හුදකලාබව බලවත්වූවා මතකය.
                                                                                                                                 Pubudu Siriwansa
             ( www.ddwm.seethawakapura.com)

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...