2014-10-11

මට කියන්න ඔබට ඇය කවුද? කියලා...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (26)

   "ගැටලුව පැහැදිලිව දකින්න. විසඳුම ඇරබෙන්නේ එතැනිනි" අප උසස් අධ්‍යාපන ආයතනයේ අශ ප්‍රධානීතුමා නිතරම භාවිතාකල වැකියකි. මෘදුකාංග පිලිබදව හසල දැනුමක් දැරූ එතුමා එම වදන් පෙල කොතරම් භාවිතාකරනවාද යත් එතුමා සදහා අන්වර්ථනාමයක් ලෙසට සමහර සිසුන් අතරට එය පැමින තිබිනි. ප්‍රායෝගීක ජීවිතයටද එය කොතරම් වැදගත්ද යන්න අප අදවන විට හොඳින් හදුනා ගෙන සිටින්නෙමු.  ටිබෙටියානු මිතුරාද දෑ දෙස වියුක්තව බලන්නට මහත් හපනෙකි. අප අතරවන බොහෝ කථා බහ තුල එය මා අත්දැක ඇත්තෙමි. "මට කියන්න ඔබට ඇය කවුද? කියලා...." මිතුරා මද නිහැඩියාවට විරාමයක් දෙමින් ප්‍රශ්න කොට සිටියාය.  
                       වරක් දැඩි මීදුම් වැනි ස්වභාවයකින් අප කදු වැටිය මතවූ සැන්දෑවකදී හාත් පසම වැසී ගියාය. මද නුදුරින් වූ ඇමරිකානු යුවලද අප අතරින් මුවා කරලන්නට තරමට එය දැඩිව වූවාය. "මම ඔබේ කවුද?" ඉදහිටක පැමිනෙන සුපුරුදු තත්වයක් නිසා වැඩි කලබලයන් නොපෙන්වූ ඇය සංසුන්ව විමසා සිටියාය. "මම හිතන්නේ මිතුරියක්. ම්.... හොඳම මිතුරිය කිව්වොත්? ප්‍රශ්නාර්ථ බරව ඇගෙන් විමසා සිටියේ සැහීමකට පත්වනවාද? යන නිහඩ ඇසුම පෙනුමෙන් දරා ගනිමිනි. "ආදරය ගැන මොනවද හිතන්නේ?" ඇයද ගැටලුව අත් නොහරින බවකි. "ඒක හරිම සංකීර්න තත්වයක් මට හිතෙන්නේ. විටක මවක්, විටක සොයුරියක්, විටක යෙහෙලියක්, සමහර විටක දුවක් පමනක් නොවේ සහකාරියක් විදිහටත් වෙන නෙක පැහැ වලින් පිරුනු සායම් බදුනක් වගේ කියලා මට හිතෙනවා. සමහර බඳුන්වල මේවායින් වර්න දෙකක් තුනක් පමනක් වන අතර මට නම් ඒක අපූරු සුන්දර සංකීර්නයක්" . මාගේ අවංක අදහස විවෘත කලෙමි. සමහර විටක ඇය බලා පොරොත්තුවූවාට වඩා බරපතල අවකාශයක් එම පිලිතුරෙහි ගැබීවීදෝ නිසා අපහසුතාවයකට පත් වූවා විය හැක. එම විමසුම එතැනින් අවසන් විය. 
                                                                                                                               Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...