2014-10-06

සමහර විටක ඔවුනට ඈත තරු කැට අතරවන යම් ජීවයක් සමග (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (19)

  එය ආලෝකයෙන් පිරුනු වර්ණවත් සැදෑවක්ව තිබින.  ආශ්‍රම කඳු මුදුනත සිපගනිමින් බටහිර අහස් අනන්තයෙන් ගලා එන හිරු කෙමි ගම්මාන කඳු වලල්ලේ බටහිර බෑවුම වර්නවත් කරමින්  සිටී. දවසේ මෙහෙවර අවසන් කරන ගම් වැසියන් තම ගොවිබිම් වලින් නිවෙස් කරා ගමන් අරබන සෑදෑව පැමින ඇත. සක්මන් මලුවට ඔබ්බෙන් වන කුඩා දෑව අසුන මේ අසිරිමත් සෑදෑව විඳගන්නට එන්නටැයි ආරාධනා කරනවා වැනිය. "ට්‍රාන්සිස්ටර් එකක අභ්‍යන්තරයේ ඉලෙක්ට්‍රොනික හැසිරීම සෑබෑවටම සිදුවනු අයුතු තවමත් රහසක්. අපි ඒ හැසිරීම් රටාව පිලිබදව නිර්මානය කරගත් ආකෘතියක් විස්වාස කරමින් සාර්ථකව භාවිතා කරමින් සිටිනවා. ආලෝක තන්තු වැනි බොහෝ විස්මිත පහසුවක් අපගේ මිනිස් සංස්කෘතියට ගෙන ආකෘතීන් තවම ඇත්තේ සාර්ථක උපකල්පනයන් මතය. සමහර විටක මේවා පිට සක්වලකින් වැනි බාහිර දැනුම් ප්‍රභවයකින් කාන්දුවී පැමිනි දැනූම් විය හැක.." වරක් අප අධ්‍යාන ආයතනයකට පැමිනි විද්වත් මතවාදියෙකු ගෙන ආ අදහසක් සිහිපත් වේ. සමහර විටක මෙම ගම් වැසියන් තරුකැට පිරුනු අහස් කුසට මෙතරම් ප්‍රිය කරන්නේ ඔවුනගේ  සරල මුත් ශක්තිමත් සංස්කෘතිය කරා යම් යම් දෑ මිනිස් මානයට ඔබ්බෙන් වන වෙනත් ජීවයකින් පැමිනෙනවා නිසා වියහැකිය. එම සබඳතා හැකියාව මෙන්ම එම දැනුම පරම්පරාවෙන් පරම්පරවට හොඳින් තවමත් ගලා ගෙන යනවා නිසා විය හැක. කලාතුරකින් මුත් නගරය වෙතට ගොස් පැමිනෙන්නන් ගෙන් වුවද තම සංස්කෘතිය අපිරිසිදු නොකරෙන්නේ හරිම අපූරු විස්මිත ආකාරයට බව ගබඩා භාරකාර තුමා වරක් පැහැදිලි කර සිටියා මතකය. සමහර විටක ඔවුනට ඈත තරු කැට අතරවන යම් ජීවයක් සමග තවමත් අප නොදන්නා ආකාරයේ සබද තාවයක් වනවා විය හැක. විටක ඔවුන්ද නොදන්නා ආකාරයට මිනිස් මනසේ ‍රැදුනු යම් ක්‍රම වේදයක් ඔස්සේ එම තොරතුරු හුවමාරුවට පුරුදුව සිටිනවාද විය හැක.
                                                                                                                           Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...