2014-10-06

ඔබ දහම් විවේකයක් ගෙන ඒ දිසාවටම නැවත යායුතුයි....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (18)

   සමහර විටක ඔබ සිතාගෙන සිටිනා ආකාරය වැරදි විය හැක. ලොකු ස්වාමීන් වහන්සේ  මහන දිවියට පැමින ඇත්තේ ජීවිතයෙන් පලායමින් නොවේය යන්න සත්‍යකි. යුරෝපියානු ප්‍රකට සරසවියක දර්ශනය පිලිබදව මහාචාර්යවරයෙකු ලෙසට කර ඇති ඔහු  අතීතයේ සිට අද දක්වා වූ නෙක ආකාරයේ ලොව පිලිබදව අරුත් ගැන්වූ දර්ශනයන් අතර සරමින් සිටින අතර දහම පිලිබදව වැඩි දුර සොයන්නට පෙලබ ඇත. "වඩාත් සතුටින් පිරි ජීවිතයක් සොයා මම මෙහි පැමිනියෙමි" ඒ උන් වහන්සේගේම වචනය. "ඒ තීර්නය නිවැරදි බව අද මට ප්‍රත්‍යක්ශය" ඒ ද උන්වහන්සේගෙම වචනය. 
                 මට කියන්න ඔබ සිත තුල වන ඇය ගැන මතකයන්. සැත්කම් පිලිබදව ප්‍රවීන වෛද්‍ය වරයෙක් සියුම් සැත්කමකට පිවිසෙන්නා සේය. "මට කියන්න ඔබ බැදුනේ ඇයගේ රූ සිරියටද, නැතිනම් කටහඬටද සමහර වෙලාව ඇගේ ගමන් විලා සයක් වැනි දෙයකට". උන්වහන්සේ "ජීවිත" විරෝධී බවක් කවර දාකවත් තම දෙබස් අතරට ගෙනෙන්නේ නැත. මනෝ විද්‍යාව පිලිබදව වූ දැනුමින් ද මෙහෙය වෙමින් අනකාගේ සිත ගසා වසා දමනවා වෙනුවට සියුම් ලෙසට බැදීම මතූකර ගන්නටත් එය විමසා බලන්නට සැත්කම් මෙසය මතට  ගෙන දමන්න්ටත් දක්ශ වන්නේය. පැහැදිලි කර දෙන මුත් තීර්න ගැනීමේ අයිතිය අනෙකාට දෙන්නට හැම විටම උන් වහන්සේ කටයුතු කරයි. 
                       සමහර සති අන්තවලදී එම කුඩා නගරය අවසානයේ වන විශාල ගොවිපොලට සිමා වෙමින් නැගී සිටින උසැති කඳු පන්තිය තරනය කරන්නට අප ගිය ගමන් වැනි විවිධ දෑ මා උන්වහන්සේ වෙතට පැහැදිලි කරන්න්ට උත්සාහ කලෙමි. අප අතර නෙක විෂයන් පිලිබදව වූ දොඩමලුවීම් පැහැදිලි කලෙමි. ඇයගේ අපූර්ව වාග් විලාශය, එම දැනුම ගැන වන යහපත් දැක්ම මට ගැගුන ආකාරය, විටක හෝරා ගනන් අනෙකාට සවන් දෙන්නට වන  ශාන්තිමත් මනස මම පැහැදිලි කෙරුවෙමි. "මහත්මයා ඔබ කැමති කාලයක් වන දහම් විවෙකයක් ගෙන ආපසු ඒ දිසාවට නැවත යායුතුයි. සමහර විටක පමනක් ඔබතුමා නැවත මෙහි එන්නට තීර්නය කරාවි. ඔබ හොඳින්ම දන්නවා ඔනෑම මොහොතක මෙහි දොර ඔබ වෙතට විවෘතව ඇති බව" පලමු හමුවට විරාමයක් කැදවිය යුතු බව හගවමින් උන් සහන්සේ පැහැදිලි කර සිටියාය.
                                                                                                                                   Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...