2014-09-18

I share therefore I am....

  ........මම ඔබ සමග එකග වනවා. ඇත්තෙන්ම ගැටලුවක් තමයි අපි Internet එක බාවිතා කරනවාද නැතිනම් Internet එක ඔබව භාවිතා කරනවාද කියන එක. තවත් විදියකට ගැටලුව හඳුනාගත්තොත් Internet වල තියෙන්නේ ඔබට අවශ්‍යදේද නැතිනම් Internet විසින් ඔබව අවශ්‍ය විදිහට නැවත නිර්මානය කර ගන්නවාද කියන එක. ඇත්තෙන්ම මේ නව රටාවක්. මිනිස් සබදතා අතර මැදට පැමිනෙනවා උපකරනයක්.  ඒක විසින් පාලනය කරනවා අපව. අපේ සබදතා. අපේ අවශ්‍යතා. අපේ සිතුම් පැතුම්. සමහර විටක මම හිතනවා මගේ ජීවිතයට තොරතුරු උපාංගය පැමිනෙන කොට පොතපත , නාට්‍ය වෙදිකාව, ස්වභාවික සංගීත උපකරන වගේ දේ පැමින තිබීම වාසනාවක් උනා කියලා. ඒකට බැරිඋනා සියල්ල ඒක වන්නට. හැබැයි මම බය වෙනවා නිර්මානය වෙමින් තිබෙන ඩිජිටල් පරපුර අන්ත විදිහට සීමා වෙනවා කියලා. සියල්ලට ඉලෙක්ට්‍රොනික පිටපතක් වන්නට බැහැයි කියලා මමත් විස්වාස කරනවා. ඒත් ඒක එහෙම වන්නට හැම අතින්ම උත්සාහ කරමින් සිටිනවා. වෙළඳ ඉව ඔස්සේ පමනක් ගොඩ නැගෙන කාරනාවක් බවට තව දුරටත් මේ විෂයට ඉඩක් නොලැබේවි. මම විස්වාස කරනවා තොරතුරු උපාංග ගෙනෙන ලෝකය පැහැදිලි කෙරෙන හඳුන ගන්නා මනෝවිද්‍යා මෙන්ම සමාජවිද්‍යා විෂයන්ගේ සීග්‍ර වර්ධනයක්  නොපමාව පැමිනිය යුතුයි කියලා........
                                                                                                                                   pubudu siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...