2014-09-01

එලබෙන යුගයේදී ඔබව සොරකම් කිරීමද වඩාත් පහසු වෙනු ඇති බවට.......

  එය යුගයක්ම තම නමින් නම් කරවා ගන්නට තරමේ අපූරත්වයක් ගෙන ආ විෂයක් වූවාය. විද්වතුන්ට අනූව එය මිනිස් මනසේ දිගුවක ලෙසට හැදින්වේ. එනම් මිනිස් මනසේ යම් හැකියාවන් වල දිගුවක ලෙසට භාවිතයක් ‍රැගෙන ආ විෂයක් ලෙසට පිලි ගැනින. 3D Printing නැතිනම්  Digital Assistant ඔස්සේ එහි පදනම වූ තොරතුරු කලමානාකාර හැකියාවට නව මුහුනු වරක් මේ වන විට එක්කරමින් සිටී. තොරතුරු තාක්ශනය සාමාන්‍ය මිනිස් භාවිතාවන්ට පැමිනි කාලයේ වූ Desktop Publishing වැනි හැකියාවන් හා සැසදෙද්දී එවා ‍රැගෙන එන්නේ තවත් තීරනාත්මක හැරවුමකි.
                              නිෂ්පාදනාගාරය  වඩාත් තීර්නාත්මක වන යුගය ක්‍රමයෙන් පසුකර දමන්නට 3D Printing හැකියාව පෙර සටහන් ගෙනෙමින් ඇත. සරලව තත්වය පහදා දෙන්නේ නිර්මාන කරුවාගේ අයිතියට යටත්ව අන්තර්ජාලය ඔස්සේ විසිදුරු බඳුනක සිට සංකීර්න උපකරනයක් දක්වා මිළ දි ගත හැකි යුගය හෙට පැමිනෙනු ඇත. දුරබැහැර දේශයක වන අයෙකුගේ හෝ ආයතනයක නිමැවුමක මිළදී ගත් සැලසුම ඔස්සේ එය මුද්‍රනය කරවාගන්නට ඔබට අසලතම වන නගරයක වන සංකීර්න 3D මුද්‍රනාලයකට යන්නට වන්නේ ඔබගේ ගෘහ මුද්‍රන යන්ත්‍රයේ එය මුද්‍රනය කරගන්නට පහසුකම් මදිනම් පමනක් වනවා ඇත. එසේම වඩාත් පෞද්ගලික තොරතුරු සෙවුමකට(Search) මෙන්ම බෙදාහදා ගැනීමකට(Share) Digital Assistant සහය වන්නේ බර පතල තොරතුරු භාවිතාවක් සදහා වු බරපතල උපාංග භාවිතාවට නැවතීමේ තිත තබමිනි. පසුගියදා Intel ආයතනය නිවේදනය කර සිටිහ්යේ තව දුරටත් Wi-Fi හැකියාවකට සීමා වෙමින් භාවිතාකරන්නාගේ ජංගම දුරකථනයේ සහය පතන Smart Watch වැනි පලඳින ආකාරයේ උපකරන වලට නිදහස ගෙනෙමින් ශක්තිමත් මට්ටමක සබදතාවක් ගෙනෙන 3G සබඳතාවක් සදහා කිඩා කාසියක ඉඩකඩක් පමනක් අවශ්‍ය වනු ඇති බවය.බොහෝ උදාහරන සටහන් වෙමින් ඇත.හෙට දිනයේදී ඩිජිටල් පුරවැසියා තොරතුරු අවකාශය භුක්තිවිඳින අකාරය වඩාත් පුලුල් සැහැල්ලු මුහුනුවරක් ගන්නා බවට නෙක පොරොන්දු පැමිනෙමින් ඇත. 
                                 තවත් පසකින් පැවසෙන්නේ Mega Breach වසර ලෙසට පසුගිය වසර තමන් නම්කරන බවට පවසමින් වාර්ෂික තොරතුරු ලෝකයේ තත්වය විග්‍රහ කරන ආරක්ශක වාර්ථාව නිකුත් කරමින් Symantec වාර්ථාව වැනි සමාලොචනයන් පැමිනීමය. එලබෙන යුගයේදී ඔබව සොරකම් කිරීමද වඩාත් පහසු වෙනු ඇති බවට හදාරන්නන් සරලව මෙම තත්වය පහදයි. තොරතුරු ගොනු බවට පත්වන ආර්තිකය , වෙළඳ  උපකරන මෙන්ම සේවා වඩා පහසුවෙන් නිරාවරනය වන සුලු බව ඔවුනගේ යෝජනාවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...