2014-09-19

30දා windows 9 මෙන්ම Office 16 වලද 'Enterprise Technical Preview' නිකුත්වීමක්!!!!

  Microsoft විසින් මෙම මස 30දාට සැලසුම්කොට ඇති හමුවේදී  windows 9 පිලිබදව ප්‍රතම නිවේදනය සිදුවීමත් එහි පෙර සංස්කරනයක් නිකුත්වීමත් සිදුවන්නට නියමිත බවටයි මේ වන විට බලාපොරොත්තුව වන්නේ. ඔවුන් විසින් කාලයක් තිස්සේ ආයතනයේ අභ්‍යන්තරිකව සංවර්ධනය කරමින් සිටින බවට තොරතුරු හෙලිවෙමින් ඇති මෙම නව windows සංස්කරනය සමග windows 8 සමග ඔවුන් ගෙන් ගිලිහුනු ඩෙස්ක්ටොප් භාවිතාකරන්නන් නව සංස්කරනය වෙතට පැමිනීමේ දුර්වල වේගය යලි යතා තත්වයට පත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. දැනට මත Microsoft ආයතනය තම සමීපතම සගයන් වෙතට නව නිකුතුවේ යම් සංස්කරනයක් නිකුත් කොට ඇති අතර විටින් විට හෙලිවන තොරතුරු පවසමින් සිටින්නේ ගිලිහුනු Start මෙනුව ඇතුලු බොහෝ නව අංගයන් නව සංස්කරනයට සංයුක්තව(+ Wi-Fi Sense, + Storage Sense +Start menu, notification, virtual desktop) පැමිනෙන්නට නියමිත බවකි.
                     මේ අතර මෙම 30දා හමුව stream ආකාරයට පල නොකිරීමේ තොරතුරක්ද පවතින අතර මෙම හමුවේදී ආයතනික සංස්කරන මට්ටමේ තොරතුරු හෙලි වීම් වලට වැඩි ඉඩක් ලැබෙන බැවින් සාමන්‍ය භාවිතාකරන්නන් වෙතට වැඩි අවධානයක් නොලැබෙන බැවින් මෙම තීර්නය ගෙන ඇති බවටයි පැහැදිලි වෙන්නේ. නව පැමිනීමේදී start මෙනුවද Desktop පරිසරයට ගැලෙපෙන පරිදි වර්නය වෙනස් කර ගැනීමේ හැකියාවෙන් යුත්ත වනු ඇති බවට තොරතුරු හෙලිවන අතර භාවිතාකරන්නාහට සම්ප්‍රධායික app මෙන්ම නවapp ද එම මෙනුව ඔස්සේ අවදිකරවා ගැනීමේ හැකියාව පැමිනෙනු ඇති බවට මෙන්ම එම Modern appද  සුපුරුදු ඩෙස්ක් ටොප් පරිසරයේදී අවදි වෙමින් පෙර පැවති "Full Screen" අනිවාර්ය බව අවසන්ව තිබෙනු ඇති බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙම නිකුතුවට නුදුරුවම තවත් පෙර සංස්කරනයක් සාමන්‍ය භාවිතාකරන් ඉලක්ක කර ගනිමින් පැමිනීමේ බලපොරොත්තුවක්ද මේ වන විට පලවෙමින් ඇති අතර Office 16 වලද පෙර සංස්කරනයක් නිකුත්වීමක් පිලිබදවද මේ වන විට තොරතුරු පලවෙමින් තිබෙනවා.මෙම නිකුතුවද windows 9 මෙන්ම Technical Preview  සංස්කරනයක් ලෙසට පැමිනීමේ අවස්ථාව දැනට එලබෙන 30දාට වන තවත් බලාපොරොත්තුවක් වනවා.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...