2014-08-18

XP යුගයේ හා win8 යුගයේ තොරතුරු ජීවියෝ!!

....... Windows XP හා Windows 8 කියන්නේ කෙනෙකුට හුදු මෙහෙයුම් පද්ධති දෙකක් ලෙසට පමනක් හැගෙන්නට පුලුවන්. මම යෝජනා කරනවා ඔබ තොරතුරු යගයේ ජීවියෙකු නොවන බවට. මම කියන්නට උත්සාහ කරන්නේ XP හා win8 අතර තියෙන වෙනස හුදු UI වෙනසක් පමනක් ලෙසට දැනෙනවා කියන්නේ ඔබ සාධාරන තරම් සමීපව ඔබේ තොරතුරු උපාංගය සමග සබදතා නැති මිනිසෙක් කියන එකයි. තොරතුරු උපාංගය කියන්නේ සාමන්‍ය ජීවිතය අපි භාවිතාකරන බොහෝ උපකර වලට වඩා එකි නෙක වෙනස් බොහෝ භාවිතාවන් තුලට විනිවිද ගිය උපකරනයක්. ඒ උපකරනයේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ ඒ හැකියාවන් දෛනික ජීවිතයට වරනගා දෙන අතර මුහුනතයි. හැබැයි ඒ බව හරියට මහ මුහුදේ දිය මතු පිටින් පෙනෙන අයිස් කුට්ටියක කොටස වාගේයි.  සැබෑ ක්‍රියාකාර කම එන්නේ එය දෘඩාංග මෙහෙයවා අපට ලබා දෙන තොරතුරු ජීවිතයේ ස්වභාවයෙනුයි.
                          අපි ඒතරම් තේරුම් ගන්නට උත්සාහ නොකලාට මෙහෙයුම් පද්ධතියක් කියන්නේ අපේ තොරතුරු දිවියේ ස්වභාවය පාලනය කරන ප්‍රධාන මෙහෙයවන්නාය කියන එක හදාරන්නන්ගේ මතයයි. ඒක වෙනස් වනවා කියන්නේ තීරනාත්මක හැරවුමක් අප වෙතට එනවා කියන එකයි. සරලව හිතන්න,  win XP සමග තිබුනේ වැඩි භාවිතාවක් උපාංගයේ භෞතික සීමාවට  සීමාවුනු තොරතුරු ජීවිතයක්. ඒ කියන්නේ XP සමග ජාල භාවිතාව නොතිබුනා කියන එක නොවෙයි. ස්වභවයෙන් ඒක මෙහෙයුම් පද්ධතියේ දිගුවක් ලෙසට හැගුන බව සගවන්නට බැරි රහසක්. ඒත් Win 8 ගෙනෙන්නේ මෙහෙයුම් පද්ධතියේ ගැබුරින්ම එන ජාල බවට මිත්‍ර කමක්. කර්නල් මට්ටමේ ඉදලා කිව්වත් හරි. අපිට මතකයි win8 හඳුන්වා දෙමින් පැහැදිලි කලේ එය දෘඩාංග මට්ටමේ සිට UI දක්වා වන වෙනසක් ලෙසටයි. මම පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ වින්8 වලදී creat කියන භාවිතාවට එතරම් වෙනසක් නොගෙනාවට search හා share කියන භාවිතාවන් මෙහෙයුම් පද්ධතිය මතුපිටට ගෙනත් සූදානම් භාවිතාවක් කර ඇති බවයි. ක්‍රමයෙන් වැඩි වන භාවිතාකරන්නන්ගේ ප්‍රමානය සමග සමනය වන්නට මෙම හැකියවන් මතුපිටට පැමිනීම සංකේතවත් වනවා. PC භාවිතාව ඉක්මවමින් devices භාවිතාව මතුපිටට පැමිනීම හා එය වෙළඳ අරමුනක් ලෙසට පිලිගැනීමත් windows 8 වලින් දැක්වුනා. හැබැයි Microsoft වෙතින් උනු නිවැරදි නොවන පොලා පැනීම නිවැරදි කර ගන්නට ඔවුනට අවශ්‍ය වනවා. ඒ නිසාම මේ වන විට ආයතනය ඩෙස්ක් ටොප් ප්‍රමුක බව මගහැරීම සංකේතවන් වන කීබොර්ඩ් හා මවුස් මිත්‍ර හා ස්මාර්ට් මෙනු මිත්‍ර නව ස්වභාවයකට තම මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය සමග යන බවට පවසා සිටිනවා.....

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...