2014-08-22

windows 9 පෙර නිකුතුවක් සැප්තැම්බර් 30 නිවේදනය වනු ඇත!!!!

  Microsoft වල ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනයේ පෙර නිකුතුවක් එලබෙන සැප්තැම්බර 30 දා වන විට නිවේදනය කරන්නට සූදානම් වෙමින් ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. අනුමානනය වෙමින් ඇති ආකාරයට මෙම සංස්කරනය සමග සමහර අංගයන් නොපැමිනීමක් හා එහි පසු සංස්කරන සමග ඒවා නිකුතුවට ඉඩ ඇති බවක්ද ප්‍රකාශ වෙමින් තිබෙනවා. වින්ඩෝස් 8 සමග මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරී මට්ටමේ සිට දෘශ්‍ය තලයන් දක්වා තීරනාත්මක වෙනස්කම් රාශියන් ගෙනෙන්නට ඔවුන් කටයුතු කර තිබූ අතර පරිගණකයේ Boot වීමේ ක්‍රියාවලියේ  සිට UI දක්වාම මෙම වෙනස් කම් දක්නට විය. පසුව පැමිනි අනු සංස්කරන සමග සමහරක් Tablet මිත්‍ර සමහර අංග සදහා යලිත් Desktop මිත්‍ර ස්වභාවයන්  කටයුතු කරන්නට එම ආයතනය කටයුතු කල අතර මෙම නව සංස්කරනය සමග යලිත් අහිමිකල Start මෙනුවේ වෙනස් සංස්කරනයක් පැමිනෙන බවටද ඉගි කරනු ලැබුවා. ආන්තුරුව පැමිනි සමහර තොරතුරු කියා පෑවේ charms bar අංගයද එහි ඩෙස්ක් ටොප් සංස්කරනයෙන් ඉවත් කරන්නට කටයුතු කරමින් සිටින බවකි. සමස්තයක් ලෙසට මෙම නව සංස්කරන සමග Xbox , Phone , මෙහෙයුම් පද්ධති සංස්කරන සමග යා වීමක් ‍රැගෙන එනු ඇති බවට ද බලාපොරොත්තුවක් වනවා

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...