2014-08-28

'Unofficial Service Pack 4' පැමිනීමක්????

  Windows XP සදහා තව දුරටත් යාවත්කාලීන නිකුත් නොවන බවට Microsoft ආයතන මේ වන විට නිවේදනය කර හමාරය. විවිධ හේතූන් කිහිපයක් නිසාම සාමන්‍යයෙන් එම ආයතනය තම මෙහෙයුම් පද්ධතියක් සදහා සහය නොදක්වන තරමේ දීර්ඝ කාලයක් XP සදහා සහය දැක්වීමට කටයුතු කරනලද බවටයි නිවේදනය වූවේ. කෙසේ මුත් බහුල කාලයක් ඔස්සේ භවිතයේ තිබීම ඇතුලු කාරනා කිහිපයක් නිසාම භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය මෙහෙයුම් පද්ධතියක් බවට එය පත්වූ අතර තවදුරටත් Microsoft ආයතනය මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ආරක්ශක යාවත්කාලීන ඇතුලු සහය දක්වීම අවසන් කර සැහෙන කාලයක් ගතව ඇති මුත් හදාරන්නන් පෙන්වා දෙන්නේ ලොවපුරා එහි සමස්ත(PC) භාවිතාව 25%කට ආසන්න අගයක පවතින බවකි. තම නිල සහය කාලය අවසන්වූ මුත් පසුවද Microsoft ආයතනය වරක් IE හි හදුනා ගෙන තිබූ දුරවලතාවයකට හා  booting up හි ගැටලුවකට පිලිසකර යාවත්කාලීන නිකුත්කරන්නටද කටයුතු කෙරිනි.
               මේ වන විට  වාර්ථා වන්නේ උනන්දුවක් දක්වන්නන් අතරින් 'Unofficial Service Pack 4' නිකුතුවක් අන්තර්ජාලය වෙතට මුදා හරින්නට කටයුතු කර ඇති බවකි. September 2013 සිට  'harkaz' නම් මෘදුකාංග සංවර්ධකයෙකු තම මෙම ව්‍යාපෘතිය සදහා යොදවන ලද උනන්දුවේ ප්‍රතිපලයක් ලෙසට නිමව ඇති මෙම නිකුතුව SP1 සිට XPසංස්කරන සදහා සහය දක්වන බවට පවසන ඔහු තම නිකුතුවේ  Release Candidat නිකුතුවක් නුදුරේම සූදානම් වෙමින් ඇති බවත් අවසන් සංස්කරනයක් අනතුරුව පැමිනෙනු ඇති බවටත් පවසා සිටිනවා. කෙසේ වෙතත් භාවිතාකරන්නන් මෙම සංස්කරන ඔස්සේ පැමිනිය හැකි අනතුරුදායක බව පිලිබදව වගකීම තමන්ම දාරගන්නට එකගව ඒවා ස්ථාපනයට හැකිවන අතර හදාරන්නන් අනතුරු අගවන්නේ පහසුවෙන් මෙවැනි නිකුතුවක් ඔස්සේ තම පරිගණකයන් වෙතට හානිකරයන් පැමිනීමේ හැකියාව අමතක නොකලයුතු බවකි.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...