2014-08-19

අන්තර්ජාල ගත පරිගණක භාවිතාව අනිවාර්ය වන දිනය එලබෙමින් ඇත!!

  තව දුරටත් හුදකලා පරිගණකය හා අන්තර්ජාලගත වූ පරිගණකය හැටියට දෙයාකාරයක් වලංගු නොවන යුගයකට අප පැමින සිටිනවා. අන්තර්ජාලයට අසම්බන්දිත පරිගණකයක් යනු අර්ධයක් අක්‍රිය වූ පරිගණකය කැයි සැලකෙන යුගයකට අප එලබ තිබෙනවා. මෙහෙයුම් පද්ධති දෙසින් සලකන විට මෙම යුග දෙකෙහි වෙනස පැහැදිලිව සටහන් වුනු අයුරක් තමයි XP හා Win 8 කියන්නේ. ආයාසයෙන් ජාලගතවන්නට ඉඩ සලසන සේ සැකසුනු xp හා ආයාසයෙන් ජාලගත නොවී ඉන්නට පොලබවන Win 8 හැදෑරීමෙන් මේ බව අපට වටහා ගන්නට පුලුවන්. වඩාත් හොඳම තවත් උදා හරනයක් තමයි බොහොමයන් නවීන ආරක්ශක මෘදුකාංග. සමහර ඒවා සම්පූනයෙන්ම තම ක්‍රියාකාරීත්වය සදහා අන්තර්ජාලය ඉල්ලා සිටින අතර තවත් ඒවා තම සමහර අංග සදහා අන්තර්ජාලය ඉල්ලා සිටිනවා. සමහර තීරනාත්මක හානිකර හමුවේ වඩාත් සාර්ථක  ආරක්ශාවක් සදහා පරිගණකයෙන් බැහැරව පවතින හානිකර පිලිබදව දත්ත ගබඩා භාවිතය වඩාත් වැදගත් බවට ඒවායේ නිෂ්පාදකයින් මෙන්ම හදාරන්නන් අවධාරනය කර සිටීම  අප අමතක නොකල යුතුයි.
               සමහර මෘදුකාංග භාවිතයේදී ඒවායින් සලසන සමහර සේවාවන් සදහා අන්තර්ජාලය ඉල්ලා සිටින අතර සමහර විටක සමහර මෘදුසේවා අන්තර්ජාලය මූලිකව ක්‍රියාත්මක වීම සිදුවෙනවා. වින් 8 සමග Microsoft ගිනුමක් හරහා මෙහෙයුම් පද්ධතියට පිවිසෙන්නෙකුට වෙනත් පරිගණකයක් හරහා වුවත් එම ගිනුමෙන්ම පිවිසීමේදී ලැබෙන පහසුව හදුන්වාදුන් අතර එලබෙන මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති අන්තර්ජාල මූලික ඒවා බවට වනු බවට ඉගි පලකොට තිබෙනව. සර්ච් , ෂෙයාර් හා ක්‍රියේට් ලෙසට අප හදුනාගන්නා පරිගණකය ගෙනෙන සියලුම පාහේ පහසුකම් සදහා අන්තර්ජාල වැදගත් සාධකයක් වීමේ සිට අනිවාර්ය අංගයක් වන දිනය ඉදිරි වසර කිහිපයකට පමනක් ඉහතින් වන්නු ඇති බවටයි දක්නට හදාරන්නන් අනාවැකි පලකර සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...