2014-08-26

චීන වෙනම මෙහෙයුම් පද්ධතියක් වෙතට යාම ඔක්තෝබරයේ ඇරබෙන බවක්...

  දත්ත අවකාශය වෙතට විටින් විට දේශපාලනික ගැටලු කන්දුවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. ඇමරිකානු රාජ්‍ය ආයතනයන් විසින් අනවසර ලෙසට භාවිතාකරන්නන්ගේ දත්ත සොරකම් කරන බවට වූ චෝදනාව පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇති කරන ලදී. මෑතකදී පැමිනෙන නවතම පුවතක් පවසන්නේ චීනය විසින් වෙනම මෙහෙයුම් පද්ධතියක් නිර්මානය කරන්නට හා එලබෙන මාසයේදී එය නිකුත්කරන්නට සැලසුම් කරමින් සිටින බවකි. එපමනක් නොව එම මෙහෙයුම් පද්ධතියේ Desktop සංස්කරනය මෑතකදී පැමිනෙන අතර Smartphone සංස්කරනයන්ද ඉදිරියට සැලසුම් ව ඇති බවකි. 
                windows XP සදහා සහය දැක්වීම අවසන් කිරිමට එම ආයතනය කටයුතු කරනවාත් සමගම පලමුව ගැටලු ස්වභාවයක් පැන නැගුනේ චීනය තුල අති විශාල භාවිතාවක් ඇති එම මෙහෙයුම් පද්ධතිය සදහා තව දුරටත් සහය දැක්වීමක් අවශ්‍ය බවට මයික්‍රසොෆ්ට් ආයතනයෙන් කරන ලද ඉල්ලීමක් සමග වන අතර එම ඉල්ලීම නොසලකා හැරීම තත්වය ක්‍රමයෙන් උනුසුම් කරවන්නක් විය. පසුව චීනය තුල වින්ඩෝස් 8 භාවිතය තහනම් කරන්නට චීන රජය තීර්නය කරනු ලැබුවේ එම මෙහෙයුම් පද්ධතිය ඔස්සේ එරට තොරතුරු අනවසර ලෙසට ලබා ගන්නක යෙදෙන්නට අවස්ථාව ඇති බව පවසමිනි. ඇපල් මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සමගද කලක සිට පවතින ආරෝව ද සමග චීන රජය මෙම තීරනයට එලබ ඇති බවයි පැහැදිලි වන්නේ.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...