2014-08-19

තොරතුරු යුගයේදී ඔබගේ පෞද්ගලිකත්වය සිදුරු වන්නේ ඔබ අතින්ම නොවන්නටත් පුලුවන්....

  තොරතුරු යුගයේදී ඔබගේ පෞද්ගලිකත්වය සිදුරු වන්නේ ඔබ අතින්ම නොවන්නටත් පුලුවන් බව අපි තෙරුම් ගත යුත්තක්. ගත වෙමින් යන කාලය තොරතුරු අවකාශය විෂය මූලික බවේ අවසානයත් පුද්ගල මූලික බවේ මැදභාගයත්ත්  බවයි ලෙසට හදාරන්නන් හදුනාගන්නේ. ලාංකික බවිතාව ඇතුලේ Social Network විසුලු සහගත ස්වභාවයකට වඩා යමක් නොවන්නට බැරිවීම ඔස්සේ නොසලකා හැරියද තොරතුරු තාක්ශන අවකාශයේ දී මිනිස්  භාවිතාව විනිවිදයාමේදී තීරනාත්මක එකක් ලෙසටයි සටහන් වන්නේ. ඔවුනට සිදු වෙනවා සඳහන් කරන්නට "privacy as a 'social norm' නැතිනම් privacy is dead. වැනි අදහස්. මේක විටක වඩාත් යතාර්තයට සමීපවීමක් වෙන්නත් පුලුවන් මොකද සමහර වෙලාවට අපි දකිනව privacy කියලා ‍රැකගෙන ඉන්න මාරාන්තික තරමේ විසිතුරු කඩතුරාවට ඔබ්බෙන් තියෙන්නේ මාර හිස් කමක් කියලා. කාලයකට ඉස්සල්ලා මේවාට බර පතල අර්ත තිබුනා. ඒත් දැන් නැහැ. හැබැයි විවෘතවීමට පුදුම අකමැතියි. අපි මේ ස්වභාවය අසභ්‍යත්වය නැතිනම් සභ්‍ය නොවෙන  බව , සමාජීයව හානි කරබව  වගේ වැදගත් වන සාධක සමගත් පටලවා නොගත යුතුයි.
                                         තාක්ශනික අර්තයකින් මෙම අවකාශයට විද්වත් පාලනයක් තිබුනට ඒ මත ඉදිවන අවකාශය පාලන වන්නේ වෙළඳ අවශ්‍යතාමතයි.  නීතිය මැදිහත් නොවනවා නොවේ ඒ සීමා ඉක්මයෑම් පාලනය කරන්නට මිසක මූලික ගමන් මග සටහන් කරන්නට නොවෙයි. එලබෙන යුගයේදී Digital Assistant වැනි භාවිතාවන් නැවත තත්වය වඩාත් පෞද්ගලික කරන්නට පටන් ගනීවි. සරලව තත්වය තේරුන් ගන්නට උදාහරනයක් ගෙනාවොත් මුල්ම යුගයේ වැඩියෙන් පිරිස් යන එන තැන්වලට වෙළඳ දැන්වීම් ආවා , පසුව ඒ ඒ තැන්වල පවතින මාතෘකා වලට වෙළඳ දැන්වීම් ආවා, දැන් පුද්ගල රුචි අරුචි කම් හදාරමින් වෙළඳ දැන්වීම් එනවා , අනාගතයේ පෞදලික රුචි අරුචිකම් අවධිවන මොහොතවල් තොරා බේරාගෙන වෙළඳ දැන්වීම් පැමිනීම සිදුවේවි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...