2014-07-05

DDR4 හා ඉන්පසුව non Volatile දෙසට Ram තාක්ශනය චලනය වීමක්?

  DDR3 මුල් සැලසුම්  කරලියට විත් ගතවයන සත්වන වසර ලෙසටයි ගනනය වන්නේ. 4K Video වැනි භාවිතාවන් සමග මතක භාවිතාව පිලිබදව පරිගනකයක ඇති වන අවශ්‍යතාවය සංසිඳවා ගන්නට Overclocking වැනි ක්‍රමවේද ඔස්සේද තව දුරටත් නොහැකි වන වටපිටාව තුල DDR4 මතක සංස්කරනයක් පිලිබදව ප්‍රධාන පෙලේ නිෂ්පදකයින්ගේ දැඩි අවධානය යොමුව ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ."Double date rate(4th generation)" මූලිකව පෙර සංස්කරනය වූ DDR3 සමග සැලකීමේදී ක්‍රියාත්මකවන වේගය දෙගුනයකින් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පෙර සංස්කරන වලින් එය වෙනස් වන අවස්ථාවල් අතර Different signalling voltage" ප්‍රධානව දැක්වෙන අතර "Different physical interfac" වලින් පෙර සංස්කරන වලින් වෙන්ව හඳුනා ගැනීමේ හැකියාවෙන් යුත්ත වනු ඇති බවටයි දැක්වෙන්නේ. 2014 අගභාගය වන විට හෝ 2015 මුල් භාගය වන විට වෙළඳපොල වෙතට පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම නිකුතුව අධික මිල ගනනින් යුත්ත වනු ඇති බවට අනුමානවෙමින් පවතිනවා. බොහෝ දුරට DDR4 වලින් පසුව DDR තාක්ශනය non volatile දෙසට චලනය වෙමින් වැඩි වේගවත් SSD වනි ස්වරූපයක් ගනු ඇති බවට හදාරන්නන් වැඩි දුරටත් යෝජනා කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...