2014-07-23

දත්ත ලෝකයට සැගවීමට අවශ්‍යව තිබේ

   දත්ත ලෝකයට සැගවීමට අවශ්‍යව තිබේ. එය විවිධාකාර වනු ඇත. විටක උපැස් යුවලක වන විට විටක අත් ඔරලෝසුවකය.තවත් විටක ඇස්කාචයක් තරම් සියුම් වීමටද මේ වන විටත් හැකිව තිබේ. සැබවින්ම එය අඳින පලඳින දෑ සමග පමනක් වීමා නොවනු ඇත. දෛනික ජීවිතයේ වට පිටාව එහි ආකර්ශනීය ඉලක්කයකි. ප්‍රධාන පෙලේ ආයතනයක් පසුගියදා ප්‍රකාශ කර සිටියේ නම්‍ය විශාල තිර භාවිතයට පැමිනීම එලබෙන වසර කිහිපය තුල සිදුවන්නට නියමිත බවකි. නිවසේ විසිත්ත කාබරයේ බිත්තීන් විශාල තිරවලින් වැසීයන දිනය මහත් ඈතක නොවනු ඇත. එය ප්‍රියතම රූපවාහිනි වැඩසටහන පමනක් සදහා සීමා නොවනු ඇත.දවසේ හෝරාවන්ට අනූව , ඔබගේ මානසිකත්වයට අනූව පමනක් නොව දුරබැහැරක වන මිතුරෙකු මෙන්ම රාජකාරි සගයෙකු සජීවී ප්‍රමානයෙන්ම ඔබ වෙතට කැඳවා එන්නට කටයුතු කරනු ඇත.
                          ඔබගේ දත්ත අනන්‍යතාවය බරපතල උපාංගයක්ව PC නමින් සිටි කාලය අවසන් වෙමින් ඇත.එය කුඩා අත් දුරකථනයකට සංයුක්තවීමේ සිට ටැබ්ලට් උපාංගය වැනි සැහැල්ලු උපකරනයක් දක්වා අවස්තානු කූලව භාවිතයට ගැලපෙන පරිදි නම්‍ය වෙමින් පැමින ඇත. අවශ්‍යතාවය සම්පූර්නයෙන් තෘප්තකරවී නැත.තව දුරටත් එයට සැහැල්ලුවීමට අවශ්‍ය ව ඇත. විටක ඔබගේ දත්ත අනන්‍යතාවය සිරුරට ඇලවෙන ටැටූවක් පමනක් වනු ඇත. ඔබගේ අනන්‍යතාවය තහවුරු කර දෙන Wi-Fi වැනි සබදතාවයක් ඔස්සේ ක්‍රියත්මක වන්නක් පමනක් වනු ඇත, ප්‍රසිද්ධ ස්ථානවල වන තිරයක් ඔස්සේ අව්ශ්‍ය පරිදි ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ඔබගේ දත්ත අනන්‍යතවයට පිවිසෙන්නට කටයුතු කර දෙනු ඇත. එවිට දත්ත උපකරනය රූපවාහිනි යන්ත්‍රයක් මෙන් ලැබෙන අනන්‍යතාවය ඔස්සේ කටයුතු කරන උපකරනයක් පමනක් වනු ඇත. සැබවින්ම දත්ත ලෝකයට දෛනික ජීවිතයේ වටපිටාවට සංයුත්ත වන්නට අවශ්‍යව ඇත. වෙනම අනන්‍යතාවයක් වෙමින් ජීවිතය ඉදිරියේ වෙනම දැක්වෙන උපකරනයක් නොවීමේ අවශ්‍ය තාවය එලබෙන නුදුරේදීම එය අත්පත් කර ගනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...