2014-07-04

Android "L" සමග බැටරී ආයුකාලය 36%කින් ඉතිරි කරනවා...

  Android ලොව බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතියවේ. නොමිළේ භවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසට Google ආයතනය විසින් නඩත්තු කරමින් සිටින මෙහි නවතම සංස්කරනයේ පෙර නිකුතුවක් Android"L" ලෙසට මේ වන විට නිකුත් කොට ඇත. පසුගිය දිනවල සිදුවූ මෙම නිකුතුවේදී බව අංගයන් කිහිපයක් පිලිබදව Google ආයතනය නිවේදනය කල අතර 'Project Volta' ඒ අතරින් එකකි. මොබයිල් උපාංගයක් ලෙසට බැටරි බලය වැයවිම වැදගත් සාධකයක් වන බැවින් මෙම අංගය ඔස්සේ එම ආයතනය නිවේදනයකර සිටියේ මෙහෙයුම් පද්ධතියේම විධිමත්කිරීම කිහිපයක් ඔස්සේ බැටරි බල වැය අවමකරන්නට තමන් ක්‍රියාකර ඇති බවකි.
                  හදාරන්නන් පිරිසක තම අත්හදා බැලීම් ඇසුරින් නිකුත්කරන වාර්ථාවක් පවසන්නේ නව සංස්කරනය සමග උපාංගයේ බැටරි ආයුකාලය 36%කින් ඉහල ගොස් ඇති බවකි. ඔවුන් Wi-Fi  සමග  Nexus 5 උපාංගය තුල වෙබ් පි‍ටුවක් අඩංගු screenය තප්පර 15කට වරක්   refresh කරමින් ලබගත දත්තවලට අනූව (KitKat, 4.4.4 හා   Android L Developer Preview සංස්කරන දෙකට එරෙහිව ) මෙම වාර්ථාව නිකුත්කර තිබෙනවා. වැඩි දුරටත් මෙම ඉතිරිය සදහා සහයවන අංගයන් පැහැදිලි කරමින් Googal ආයතනය පවසා සිටියේ JobScheduler API  වල ක්‍රියාකාරීත්වය කාර්යක්ශම කිරීම ඔස්සේ maintenance සහ  house-keeping tasks ඔස්සේ මෙම ඉතිරිය සදහා සැලකිය යුතු දායකත්වයක් ලබා ගත් බවයි. එසේම පද්ධතිය විසින් ඉල්ලා සිටින සමහර කාර්යයන් උපකරනය වෙතට නැවත විදුලි සැපයුම ලැබෙන තෙක් කල් දැමීමේ ක්‍රම උපාංයන් ඔස්සේ මෙම දියුනුව ලබා ගත් බවට පැහැදිලි කෙරෙනවා. එසේම Network සබදතාවය බිඳී ඇති විටකදී ආයාසයෙන් තම Data refresh කිරීමට උත්සාහ කිරීම වැනි අධික බල වැයක් ගෙනෙන අංග පලනය කර දැමීමටද කටයුතු කර ඇති බවට පවසා සිටිනවා. දැනට බලාපොරොත්තු වෙමින් ඇත්තේ මෙම නිකුතුව  'Material Design' වැනි නව ආකර්ශනීය අංගද සමග මෙම වසර අවසාන භාගයේදී වෙළඳ පොලට එනු ඇති බවටයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...