2014-05-09

Windows වල හෙට දවස!!!!

  Microsoft වෙතින් මෑතකදී පලවූ වාර්ථා අතර ඇගවීමක් වූවේ එම ආයතනය නොමිළේ භාවිතාකල හැකි cloud based මෙහෙයුම් පද්ධති සංස්කරනයක් සංවර්ධනය කරමින් සිටින බවකි. බොහෝ විට ගූගල් හි Crome OS ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය නිර්මානය වනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තුවන්නේ. මීටත් පෙර සිටම මෙහෙයුම් පද්ධති තරගය තුල තම අනන්‍යතාවය ‍රැක ගැනීමට නම් මිළෙන් අඩු හෝ නොමිළේ භාවිතාවට නිකුත්කල හැකි Windows මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය පිලිබදව අවධානය යොමුව තිබෙනු දක්නට ලැබෙන ඇගවීම් විටින් විට පල වෙමින් තිබිනි. වින්ඩෝස්  XP සමු ගැනීමත් සමග ඇතිවූ අර්බුදකාරීත්වයට විසදුමක් සදහාත් මෙවන් අඩු මිලැති මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය කථා බහට ලක්විය.
           නොනිල ලෙසට පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය offline භාවිතාවේදී ඉතා සීමිත පහසුකම් වලින් සම්න්විත වන අතර online ආකාරයේදී වඩාත් පහසුකම් අත්විඳිය හැකි ආකාරයට නිර්මානය වෙමින් ඇති බවකි. අඩු දෘඩාංග ඉඩක් ඉල්ලා සිටින සැහැල්ලු මට්ටමේ මෙහෙයුම් පද්ධයක් වනු ඇති බවට පැවසෙන මෙම නිකුතුව සදහා ස්ථීර මෙන්ම වේගවත් අන්තර්ජාල සබදතාවයක අවශ්‍ය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
             මේ වන විට Microsoft ආයතනය තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වෙතට දෙවන ප්‍රධාන යාවත්කාලීනයක් Windows 8.1 update 1 ලෙසට නිකුත් කර ඇති අතර එය වඩ වඩාත් භාවිතාකරන්නාට Desktop PC භාවිතාව සදහා මිත්‍ර  ආකාරයට සැකසී තිබෙන බවයි පිලිගැනෙන්නේ. KeyBoard , Mouse ප්‍රමුක භාවිතාවට Windows 8 සමග සිදුවූ දුරස් බව යලි සමනය කරන්නට පැමින ඇති මෙම නවාංග සමග එලබෙන නිකුතුවකදී Modern app සමගද සහයෝගයෙන් කටයුතු කරන Start Menuවක පැමිනීමද මේ වන විට නිල ලෙසට ප්‍රකාශයට පත්ව තිබෙනවා. මෙම පැමිනීම සමග වන මීලග ප්‍රධාන නිකුතුව Windows 8.2 හෝ Windows 9 වැනි සස්කරනයක් ලෙසට වනු ඇති බවට විචාරනය වෙමින් ඇති අතර එම මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය වන්නේ PC පරිසරයකට වීමේදී වඩාත් KeyBoard , Mouse හිතැති ක්‍රියා කාරීත්වයක් භාවිතාකරන්නාට ගෙනෙන්නට හැකි ලෙසට ක්‍රියාත්මක වන අතර Tablet පරිසරයක ස්ථාපනය වීමේදී Tuch හිතැති Modern start-screen tiles මිත්‍ර මුහුනුවරක් භාවිතාකරන්නාට ගෙනෙන්නට හැකිවන ලෙසට  සැකසී පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
                හදාරන්නන් යෝජනා බලාපොරොත්තු වන්නේ බොහෝ භාවිතාකරන්නන් අතින් Windows මෙහෙයුම් පද්ධතියේ හැකියාවන් වැඩි ප්‍රමානයක් තම සාමන්‍ය භාවිතාවන් තුලදී අපතේ යාමක් සිතුවන බැවින් බල වැය මෙන්ම දෘඩාංග සදහා වන වැය ඉතිරිකිරීමක් සදහාද මෙම සැහැල්ලු මෙහෙයුම් පද්ධතියක පැමිනීම වැදගත් වනු ඇති බව වන අතර වෙගයෙන් Desktop භවිතාවෙන් Mobile උපාංග දෙසට වන චලනය සමග තරග කරන්නටද මෙම නව නම්‍යතාවය වැදගත් වනු ඇති බවය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...