2014-05-01

නිල ලෙසට සමුදුන්නද භාවිතාවෙන් සමුගෙන නැති Windows XP

   වසර 12ක සේවයෙන් පසුව Windows XP වෙතට නිල ලෙසට සමුදෙන්නට මයික්‍රසොෆ්ට් සමාගම ක්‍රියා කොට සති කිහිපයක් ගෙවෙමින් තිබුනද භාවිතාකරන්නන් අතරින් නම් එය සමුගැනීම බලපොරොත්තු වූ තරම් වේගයෙන් සිදු නොවෙමින් ඇති බවටයි පලවන නවතම වාර්ථා හෙලි කොට සිටින්නේ. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ නිල ලෙසට සමු දෙමින් ගතව ගිය සති කිහිපය සැලකීමේදී එහි භාවිතාව පහල වැටීම 1.4% තරම් කුඩා අගයක තිබෙන බවයි. වෙබ් අඩවි දස දහස් ගනනක යන එන සංක්‍යා ඇසුරින් කෙරෙන එම ගනනයට අනූව ගෙවී ගිය අප්‍රේල් වන විටත් ලොව PC භාවිතාවෙන් 26.29% ලෙසට වාර්ථ වන බවටයි සටහන් වන්නේ. රාජ්‍ය මට්ටමේ මෙන්ම ආයතනික මට්ටමේද PC වල XP භාවිතාව විශාල වශයෙන් සිදුවෙමින් පවතින බවට වාර්ථා වන අතර චීන රජය මයික්‍රසොෆ්ට් ආයතනයෙන් ඉල්ලීමක් කරමින් XP සදහා සහය දක්වන කාලය පිලිබදව නැවත සලකා බලන ලෙසට ඉල්ලීමක් පවා කරන්නට යෙදිනි. මේ අතර Windows 7 භාවිතාව මාර්තු මාසයේ 48.77% ලෙසට වූ අතර එය අප්‍රේල් මාසයයේදී 49.27% ලෙසට සුලු වර්ධනයක් අත්කර ගෙන ඇති අතර වින් 8 එම කාල සීමා දෙකෙහි 6.36 - 6.41% ලෙසටද වින් 8.1  (4.89 -  5.88)% ලෙසටත් වාර්ථා වන බවටයි සටහන් වූවේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...