2014-05-15

Google Glass දෙවන පරම්පරාව නිර්මානය වෙමින් තිබේ!!!!

  Google ආයතනය මේ වන විට තම Google Glass වල අත් දැකීමට එක් වන්නට සාමන්‍යය භාවිතාකරන්නන් හට විවෘත කොට තිබෙනවා. ඇමරිකානු ඩොලර් 1500කට මිල කොට ඇති මෙම උපාංගය මෙසේ උනන්දුවන්නන් සදහා විවෘත වෙද්දී ආයතනය දෙවන පරම්පරාවේ Google Glass උපාංගය සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති බවටයි වාර්ථා වන්නේ. තවමත් එම ආයතනය තම උපාංගයේ දෙවන සංස්කරනය සමග පැමිනෙන විශේෂතා නිල ලෙසට නිවේදනය කර නැති මුත් ආයතනයේ R&D කන්ඩායම භාවිතාකරමින් සිටින (optical coatings) වැනි අමතර තාක්ශනයන් කිහිපයක්ම එම උපාංගය වෙතට මුසු කරමින් සිටින බවටයි නොනිලව පලවන තොරතුරු හෙලි කරන්නේ. දැනට වන බලාපොරොත්තුව වන්නේ එලබෙන මාසයට නියමිත ගූගල් හි  I/O developers conference වලදී මේ පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි වනු ඇති බවටයි . එසේම මේ වන විට හෙලිවන තොරතුරු පවසන්නේ Google Glass වලට විකල්ප විය හැකි සමහර විටක අඩු පහසුකම් ඇති උපාංග අඩු මිලැතිව වෙළඳ පොලට පැමිනීමේ ඉඩකඩ පිලිබදව ආයතනයන් කිහිපයකින්ම අවධානය යොමු කරමින් සිටින බවයි.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...