2014-05-01

glasses-free ආකාරයේ 4k මට්ටමේ 3D TV නිකුතුවක් මෙම වසර අවසානයේ...

  තිරයක් ඔස්සේ පියවි ඇසට 3D දසුන් පැමිනීම කෙරෙහි භාවිතකරන්නන් තුල ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. ලොව පුරා ආයතන කිහිපයකම නිරන්තර අත්හදා බැලීම් මේ සදහා නිරන්තරයෙන් ක්‍රියාත්මක බව විටින් විට පලවන තොරතුරු හෙලිකර සිටී. මෙම පලවීම් අතර නවතම පලකිරීමක් සපයන Kickstarter ආයතනය පවසන්නේ 4k මට්ටමේ glasses-free ආකාරයට නැරබිය හැකි 3D TV නිකුතුවක අවසාන අදියරෙහි සිටින බවකි. මුල් ස්වභාවයෙන්  3840 x 2160 pixels මට්ටමක තිරයක් වන මුත් 2D mode වලදී 1080p මට්ටමෙ නැරබුමකට මෙම රූපවාහිනිය සූදානමින් පැමිනෙන බවටයි නිවේදනය වන්නේ. 150 ° තරම් පුලුල් පරාසයක කෝනයක් ඔස්සේ මෙන්ම දුර සීමාවකින් තොරව 6.5ms ප්‍රතිචාර හැකියාවක් සහිතව පැමිනෙන මෙම උපකරනය මෙම වසර අවසානය වන විට ඩොලර් 1244ක් මිල කින් යුතුව වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Toshiba වෙතින් 2011 දී හඳුන්වාදුන් 4K මට්ටමේ glasses-free model නිකුතුවක් වූ අතර  Ultra-D වෙතින් බලාපොරොත්තුවූ පරිදි 3D නිකුතුවක් සිදුවීම තවමත් සිදුව නොමැත.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...