2014-05-28

අන්තර්ජාලයම සොයනවා වෙනුවට ලගැති උපාංග සමග ජාලගත වන්නට වැඩි කැමැත්තක් ඇති යුගයක්!!!!

 සැමට අන්තර්ජාලය යනු කලකට ඉහත බොහෝ විද්වතුගේ මෙන්ම තොරතුරු ලෝකය ආශ්‍රිත ආයතනයන්ගේ අවධානය ලබා ගත් මාතෘකාවක්ව තිබිනි. එක් දෙසකින් වඩාත් වේගවත් අන්තර්ජාල සේවාවක් පිලිබදව නිරන්තරයෙන් අත්හදා බැලීම් සිදුවන අතරම තවත් දෙසකින් දුරබැහැර දුශ්කර ප්‍රදේශ සදහා විකල්ප ක්‍රම ඔස්සේ අන්තර්ජාලය ගෙන යන්නට ක්‍රමවේද සොයන්නට කටයුතු කරමින් සිටීනු දක්නට ලැබින.
         මේ අතර පැමිනෙමින් ඇති නව ප්‍රවනතාවයක් යෝජනා කරමින් සිටින්නේ offline ආකාරයට වඩ වඩාත් තම දත්ත උපාංග භාවිතට පෙලබ වන ආකාරයේ app ක්‍රියාකාරීත්වයක් ආයතන කිහිපයකම තම මීලග නිකුතූන් වල නිමිත්තක් බවට පත්වෙමින් ඇති බවයි. Google map වැනි බහුල භාවිතාවක් මෙන්ම දුෂ්කර වටපිටාවකදී පවා ක්ශනික අවශ්‍යතාවයක් වන විටදී මෙසේ offline ලෙසට සහයට පැමිනෙන්නට හැකිවීම අත්‍ය අවශ්‍ය බවටයි යෝජනා වන්නේ.එසේම උපාංග අන්තර්ජලය ඔස්සේම තම ජාල ගතවීම සෙවීම වෙනුවට තමා අවට ඇති හිතවතුන්ගේ උපාංග සමග Wi-Fi වැනි ක්‍රම ඔස්සේ සම්බන්ද වීමට හැකිවීම කෙරෙහි වැඩි අවධානයක් නිපදවන්නන්ගෙන් පල වෙමින් ඇති බවටත් වාර්ථා වනවා. අඩු ශක්ති වැයක් ඔස්සේ තමන් අවට ඇති උපාංග සමග ජාලගතවීම ඔස්සේ වඩාත් ප්‍රාදේශීය හා නිවැරදි තොරතුරු වලට ලගා වීමේ හැකියාව ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා. මෙහිදී සමාජ ජාලා වැනි සබදතා වැඩි වශයෙන් ලැබෙන සේවා සම්බන්දිත app සදහා එවැනි යෝජනා වඩාත් ගැලපෙන බවටයි හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...