2014-04-13

Windows 8.1 Update ස්ථාපනය සමහර පරිගණක සදහා තවමත් ගැටලු සහිතයි!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් 8.1 සදහා නව Update ගොනුවක් නිකුත්කරමින් පවසා සිටියේ මෙම නව යාවත්කාලීනය ලබා නොගන්නා පරිගනක සදහා ඉදිරි යාවත්කාලීනයන් ලබා ගන්නා නොහැකි වනු ඇති බවයි. සමහර භාවිතාකරන්නන් වෙතින් නැගුනු පැමිනිල්ලක් වූවේ එම නව යාවත්කාලීනය තම පරිගණක වෙතට ස්ථාපනයට උත්සාහ කිරීමේදී අසාර්ථක වූ බවයි. මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය මෙම ගැටලුව ඉලක්ක කරගනිමින්ම පිලිසකර යාවත්කාලීන දෙකක් නිකුත්කරන්නට කටයුතු කොට තිබෙනවා. තවමත් ගැටලුව පවතින පරිගණක සදහා ආයතනය ඉදිරියේදී වඩාත් සවිස්තරාත්මක සටහනක් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවට නිවේදනය වී තිබෙනවා. නිල ලෙසට අනුමත නොවුනද පලපුරුදු භාවිතාකරන්නන් සදහා අනුගමනය කල හැකි පියවර කිහිපයකින් යුතු පියවරක් ඔස්සේ මෙම ගැටලුව නිරා කරනය කර ගත හැකි බවට පවසන හදාරන්නන් පිරිසක් පහත දැක්වෙන ක්‍රියාමාර්ගය දක්වා සිටිනවා.
  • Run CMD as administrator (Go to start screen, all apps, search CMD, right-click and select run as administrator)
  • Enter: dism /online /remove-package /packagename:Package_for_KB2919355~31bf3856ad364e35~amd64~~6.3.1.14
  • When step 2 has completed, enter: dism /online /cleanup-image /startcomponentcleanup
  • Retry the update!

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...