2014-04-19

win phone 8.1 ස්ක්‍රීනය App එකක ආධරයෙන් PC තිරය මතට....

   අද වන විට සාමාන්‍ය භාවිතාකරන්නෙකු දෛනික ජීවිතයේදී එක දත්ත උපකරනයකට වඩා භාවිතාකරනු දක්නට ලැබීම සුලබව සිදුවන්නෙකි. බොහෝ විට දිනයේ එකි නෙක අවස්ථවනට අනූව  දෘඩාංගමය පහසුව ලබා ගැනීම සදහා මෙම විවිධත්වය තම දත්ත ජීවිතයට කැදවා ගන්නට මෙම භාවිතාකරන්නන් පෙලබේ. උපංග හා සේවා නිපදවන්නන් විවිධ ලෙසට මෙම නම්‍යතාවය තම පාරිභෝගිකයන්ට ගෙනෙන්නට කටයුතු කරනු ඇයුරු වෙළඳ පොල දෙස විමසිල්ලෙන් බලන්නන් හට පහසුවෙන් හඳුනගන්නට හැකි වනු ඇත. මීලගට හමුවන මීලග ගැටලුව වන්නේ මෙම එකි නෙකට වෙනස් උපංග තුල සිදුවන භාවිතාවන් අවශ්‍ය විටකදී වෙනස් උපාංග සමග හමුවන්නට වන ගැටලුවයි.මේ සදහා දෘඩාංග මට්ටමේ මෙන්ම ක්ලවුඩ් මට්ටමේද වෙනස් විසදුම් ‍රැගෙන එන්නට ඔවුන් කටයුතු කටයුතු කරමින් සිටිනවා.
                   පසුගියදා මයික්‍රසොෆ්ට් සමාගම තම සංවර්ධකයින්ගේ හමුවේදී ඉදිරිපත්කල  ‘Project My Screen’ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් අංගයක් වූවා. app එකක ආධාරයෙන් windows phone 8.1 වල තිරය භාවිතාකරන්නෙකුට තම PC තිරය මතට ගෙනෙන්නට හැකිවීම එහි දක්වනු ලැබුවා. එසේ ගෙනෙන්නට පමනක් නොව PC තිරය මත සිට එම Phone screen ය මෙහෙවමින් ක්‍රියාත්මක කරන්නටත් හැකිවීම එහිදී කැපී පෙනුනා. කෙටිකාලයකට පසුව හෝ මේ වන විට එම ඇප් මෘදුකාංගය මේ වන විට මුදා හරින්නට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කොට තිබෙනවා. තවමත් USB සබදතාවයක් ඔස්සේ පමනක් ක්‍රියාත්මක වන මෙම සම්බන්ද වීමට ඉදිරියේ Wi-Fi හැකියාව ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර PC හිදී Modern screen වලට මෙන්ම සුපුරුදු desktop තිරය මතටත් මෙම පැමිනවීම කල හැකි වනවා. තවමත් ගැටලු කිහිපයක් සමග මෙම ක්‍රියාත්මක වීම ඉදිරියේදී විසදෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...