2014-04-29

Skype සදහා group video calls පහසුව එකතුවේ!!!!

  මයික්‍රසොෆ්ට් නිවේදනය කරන්නේ තම Skype සේවාව ඔස්සේ  paid Premium subscribers මට්ටමේ භාවිතාකරන්නන් සදහා පමනක් සීමාවී තිබූ group video calls පහසුව Windows desktop, Mac හා  Xbox One ආකාරයේ සියලුම භාවිතාකරන්නන් සදහා දැන් විවෘත බවයි. එම සේවාව සමග නොමිළේ පැවති one-on-one video calling හැකියාවට වඩාත් ආකර්ශනීය බවක් මෙම නොමිලේ ලැබිය හැකි සේවා ගොනුවට එක්වන නව අංගය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ලැබෙනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තු වන්නේ. ආයතනය පවසන්නේ අනෙකුත් platforms සදහාද මෙම පහසුව ලගදීම ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම  group video chat අංගය ඔස්සේ දැනට පුද්ගලයින් 10 දෙනෙකුට එකවර වීඩියෝ ආකාරයේ කථ බහක යෙදෙන්නට හැකිවන අතර මෙය තන තරගකාර සගයාගේ Google Hangouts සේවාව සදහා තරගයක් ලබා දෙන්නට සමත්වනු ඇති බවටයි විචාරනය වන්නේ.
            වින්ඩෝස් Phone 8.1 සදහා මෑතක දී  Cortana digital assistant  සමග පහසුවෙන් Skype එක විධානයක් යටතේ ක්‍රියාත්මක කර වන්නටත් phone ඔස්සේ එකව සිටින සගයෙකුට පහසුවෙන් Skype ඔස්සේ  Video කථාබහකට කැදවන්නටත් හැකියාව ලැබෙන නව අගයක් පිලිබදව පෙර සටහනක් මයික්‍රසොෆ්ට් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...