2014-04-12

"Heartbleed" ගැටලුව හමුවේ සුරක්ෂිතයි සියලු ප්‍රධන ආයතන පවසයි!!

   මෑත ගෙවී ගිය කාලයතුලදී වෙබ් ආශ්‍රිතව කටයුතු කරන බොහේ දෙනෙකුගේ අවධානය යොමුවූ කාරනාවක් වූවේ "Heartbleed" ලෙසට නම් වූ නැතිනම් භාවිතාකරන්නන් හා සර්වරයන් අතර තොරතුරු හුවමාරුවේදී ඒවා වඩාත් සුරක්ෂිත කරනු පිනිස භාවිතාවූ OpenSSL cryptographic software  වල තිබූ යම් දුරවලතාවයක් ඔස්සේ පහර දෙන්නෙකුට එම සබදතා ඔස්සේ ගලායන තොරතුරු වලට අනවසර පිවිසීමක් කරන්නට හැකිවීම පිලිබද ගැටලුවයි. ප්‍රධාන පෙලේ වෙබ් ආශ්‍රිත සේවා ආයතම මේ වන විට නිවේදනය කර සිටින්නේ තම භාවිතාකරන්නන් ඉහතකී දුරවලතාවය ඔස්සේ අනතුරට පත්වීමේ අවකාශයන් මේ වන විට නොමැති බවයි. ඔවුන් පැහැදිලි කර සිටියේ එම දුර්වලතාවය ඔස්සේ තම් සේවාවන් අශ්‍රිතව අනතුරක් එල්ලවී නැති බවත් සිදුකරන ලද යාවත්කාලීනයන් නිසා ඉදිරියේදී එම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට පිවිසීමක් කරන්නට නොහැකි වනු ඇති බවත්ය.
                  මයික්‍රසොෆ්ට් ආයතනයද නිවේදනය කර සිටින්නේ තම online ආකාරයේ කිසිදු සේවාවක් මෙම හානිකරයේ ඉලක්කය බවට පත්ව  නැති බවත් තම වෙබ් ආශ්‍රිත සේවාවන්  වන Microsoft Account, Microsoft Azure, Office 365, Yammer හා Skype වැනි සියල්ලම තම පිරික්සුමට ලක්කොට ඇති බවත්ය. එසේම ඔවුන් වැඩි දුරටත් මතක කර දෙන්නේ භාවිතාකරනන් තම password කලකට වරක් අලුත්කිරීමත් වඩාත් සංකිර්න Password භාවිතයට පෙලබීමත් මෙන්ම එකම password ගිනුම් කිහිපයක් සදහා යොද ගැනීමෙන් වලකින ලෙසත්ය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...