2014-04-16

E-mail වලට අනවසර එබී බැලීම් චෝදනා සදහා ගූගල් විසඳුමක්!!!

  ගූගල් ආයතනය තම ඊමේල් සේවාව තුල හුවමාරුවන තොරතුරු දෙසට අනවසර එබී බැලීම් කරන බවට වන චෝදනව කාලාන්තරයක සිට පවතින්නකි. කොටින්ම එය වසර දහයකට පමන පෙර එම සේවාව ඇරබූ දා සිටම විටින් විට මතුවූවකි. ආයතනය පසුගියදා යම් භාවිතාකරන්නෙක් එම සේවාව වෙතට පිවිසෙන විට හමුවන  ආයතනය හා භාවිතකරන්නා අතරවන එගතා ගිවිසුමට මේ පිලිබදව පැහැදිලි කෙරෙන සටහනක්ද එකතු කරන්නට කටයුතු කොට තිබෙනවා. ඔවුන් පැහැදිලි කර සිටින්නේ එලෙස එම තොරතුරු දෙසට එබී බැලීම ඔස්සේ ඉලක්කක ගත දැන්වීම් ලබාදීම ඇතුලු , ස්පෑම් මෙන්ම හානිකරයන් හඳුනා ගැනීම දක්වා කාරනා රාශියක් ඉ‍ටුවන බවයි. ආයතනය දෙසින් පැවසෙන්නේ මෙම නව එකතුකිරීමත් සමග විටින් විට එම තොරතුරු දෙසට එබී බැලීම පිලිබදව මතුවන නෛතික ගැටලු පිලිබදව පැහැදිලි එකගතාවයක් ඇති වනු ඇති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...