2014-04-02

Build 2014 ඇරබේ. win. Phone 8.1 හා Win.8.1 update 1 නිවේදනය වේ!!!!

   මේ වන විට පැවතෙමින් ඇති හමුවක් ඔස්සේ මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙසට Windows 8.1 වල update 1 නිවේදනය කර සිටිනවා.  එසේම බලාපොරොත්තුවූ පරිදි Windows phone 8.1 සංස්කරනයද නිවේදනය කර සිටිනවා. Windows 8.1 Update 1 වලදී පෙර සංස්කරන දෙකටම වඩ වඩාත් Keyboard , Mouse හිතැති අංග වලින් සමන්විතව එය පැමින ඇති බවටයි නිවේදනය වූවේ.  නව දෘඩාංග නිෂ්පාදකයින් දෙදෙනෙකු හදුන්වාදෙමින් ඇරබූ හදුන්වාදීමේදී notifications වලට පැමිනෙන නව  Action Center ස්ක්‍රීනයේ ඉහල සිට swiping කිරීමක් ඔස්සේ අවදිකර ගන්නා ආකාරයේ සිට පැහැදිලි කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම නව Action Center ඔස්සේ නව ඊමේල් පිලිබදව තොරතුරු මෙන්ම ෆේස්බුක් නව පලකිරීම් පිලිබදව තොරතුරු හෙලිකරන්නටද කටයුතු කරනු ලැබුවා. එසේම භාවිතාකරන්නාට කැමති පරිදි Start screen backgrounds වලට  own photos එකතුකරන ආකාරයද පැහැදිලි කරනු ලැබුවා.
             එසේම Windows phone 8.1 සමග පැමින ඇති වඩාත් ආකර්ශනීය අංගය වන  Cortana voice command digital assistant පිලිබදවද තොරතුරු පැහැදිලි කරනු ලැබුව අතර වඩාත් මෙහෙයුම් පද්ධතිය තුලට එබෙමින් බාවිතාකරන්නාට අවශ්‍ය තොරතුරු වඩාත් නම්‍ය ලෙසට ගෙනෙන්නට මෙන්ම වඩාත් බුද්ධිමට්ටමෙන් ඉහල සහයක් ලබ දෙන්නට සමත්වන අයුරු පෙන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවා. මීට අමතරව new calendar view මෙන්ම නව නව App ලිස්ට් වන ආකාරයද පෙනවා දෙන්නට කටයුතු කරනු ලැබුවා. එසේම නව දුරකථන මෙහෙයුම් පද්ධතිය සමග public Wi-Fi hotspot වලට සම්බන්ද වන නව ආකාරය ගැනත් wordflow virtual keyboard ඔස්සේ "Shape Writing" නම් ක්ශනික සටහන් තබන අයුරුත් පැමින ඇති Internet Explorer 11 පිලිබදව තොරතුරුත් හදුනවා දෙන්නට කටයුතු කරනු ලැබුවා. මෙම Windows phone සංස්කරනය දැනට භාවිතාවන දුරකථන වෙතට ඉදිරි මාස කිහිපය තුලදීත් නව දුරකථන අප්‍රේල් අවසානයේ හෝ මැයි ආරම්භයේත් පැමිනෙන්නට නියමිත බවටයි නිවේදනය වූවේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...