2014-04-03

Build 2014 හි Day 1 අවසන්වූයේ කැපී පෙනෙන සටහන් කිහිපයක්ම සමගිනි.

  මයික්‍රසොෆ්ට් ආයතනය තම අනන්‍යතාවයට නැවත සටහනක් ගෙනෙමින් Build 2014 පලමු දිනය අවසන් කරන්නට යෙදුනා. ආයතනයේ නව දැක්ම වූ උපාංග හා සේවාවන් ( tools and services) දෙසට මෙන්ම ක්ලවුඩ් හා මොබයිල්(mobile, cloud computing) දෙසට වන චලනය පිලිබදව කැපී පෙනෙන සටහන් කිහිපයක් තබන්නට මෙදින සමත්වනු ලැබුවා. ඒවා අතර "Universal Windows apps" හඳුන්වාදීම  එනම් Windows, Windows Phone හා  XBox One සඳහා එකම app මෘදුකාංගයක් නිර්මානය කිරීමේ අවස්ථාව app සංවර්ධකයින්ට ඉඩ ලබා දෙන Visual Studio 2013 නව යාවත්කාලීනයන් සමග පහදාදෙන්නට කටයුතු කිරීම , අඟල් 9ට අඩු Windows උපාංග වෙතට තම මෙහෙයුම් පද්ධතිය එවායේ OEM වෙතට නොමිලේ ලබා දෙන්නට(Phone 8.1 or Windows 8.1)  තීරනය කිරීම , windows 8 සමග පැන නැගුනු Start Memu අහිමි කිරීමේ ගැටලුව විසදමින් එය නැවත windows 8.1 Update 1 සමග නැවත පැමිනීම නිවේදනය වූවා.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...