2014-04-08

"තොරතුරු ලෝකයේ නව ප්‍රවනතා" වැඩසටහන

  තොරතුරු විෂය යනු තව දුරටත් හුදු තාක්ශනික විෂයක්ම පමනක් නොවේ.එය ලොව පුරා විසිරුනු අධ්‍යාපනික මෙන්ම ව්‍යාපාරික ආයතනයන් සියගනනක මිනිසුන් දහස් ගනනකගේ බුද්ධිමය දායකත්වය සමග නිරන්තරයෙන් වැඩෙමින් පවතින අපූර්ව විෂයකි.මෙම අපූර්වත්වය තාක්ශනික අර්ථය ඔස්සේ පමනක් තවදුරටත් අර්ථ ගැන්විය නොහැකි වනු ඇත. සමාජිය , ආර්ථික මෙන්ම දෙශපාලනික වැනි නෙක අරුත් ඔස්සේද එය විමසිය යුතු බවට මේ වන විට පිලි ගැනෙමින් පවතින්නකි. මොහොතින් මොහොත වඩ වඩාත් අපූර්ව ආකාරයට මිනිස් ජීවිතයේ බොහොමයක් නිමේශයන් විනිවිද යමින් පවතින මෙම අපූර්ව විෂය මිනිස් වර්ගයාගේ නව සංස්කෘතික උදාවක් පිලිබදව ඉගිපලකරමින් සිටී.
             "තොරතුරු ලෝකයේ නව ප්‍රවනතා" වැඩසටහන යනු මෙකී අපූර්ව අත්දැකීම ඔබ සමග  බෙදා හදාගන්නට ගන්නා උත්සාහයකි. මිහිතින් මොහොත තොරතුරු ලෝකයේ නිමැවෙන නව ප්‍රගමනයන්ගේ සංධිස්තාන විමසමින් ඒවා වෙතට සුහඳ පිවිසුමකට ගන්නා උත්සාහයක් ලෙසට එය අර්ථ දැක්විය හැක. එම නෙක සිදුවීම් වල තාක්ශනික අර්ථපමනක් නොව ගෙනෙන්නට තැක්කරන සංස්කෘතික වටිනාකම් පිලිබදවද කථා බස් කරමින් තොරතුරු විෂයේ හෙට දවස දෙසට එල්ලකරන  නිරීක්ශන පහන් දහරාවක් වන්නටයි එම උත්සාහයේ අරමුන වන්නේ.
                    පෘතුවි තලය මතට කෙටිකාලීන සංචාරකයින් ලෙසට සැපැමින ඇති අප ඔබ මොබ ඇවිඳින විටදී හඳුනාගන්නා නෙක අපූර්වදෑ පිලිබදව සටහනක් තබා යාම වගකීමක් සේම යුතුකමකි. මූලද්‍රව්‍යකින් වරනගා ගන්නා සරල ද්විතීක ස්වභාවය මත නිර්මානය වන විසල් අවකාශයක ගොඩ නැගෙන තොරතුරු විෂය නම් හමුවීම මාලත් එවන් අපූර්ව අත්දැකීමකි.  එම විෂය තම යුග පසුකරන්නේ සාමාන්‍ය විෂයන් මෙන් වසර සියගනනින් නොව දශකයන්ටත් අඩු කාල පරාසයන් තුලදීය. එහි පැමිනීම අනෙකුත් විෂයන්ගේ ඉබි ගමනට විදුලි වේගයක් එක්කර ඇති අයුරු අපූරුය. එවන් අපූර්ව අත්දැකීමක් ජීවිතය තුල සගවා ගෙන ආපසු යන්නට වීම කල හැකි වරදකැයි මම සිතමි. ඒ නිසාම ගොඩ නගන මේ අපූර්ව අත්දෑකීමට එක් වන්නට යැයි ගෞරවයෙන් ආරාධනා කරමි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...