2014-04-13

Android සුරකින්නට නව නව සේවාවක්!!!!

   ඇන්ඩ්‍රොයිඩ් බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් වනවා සේම අනාරක්ශිත බවක් පිලිබදව හැගීමක් ‍රැගෙන එන භාවිතාවක් ලෙසටද පිලිගැනීමක් කෙමෙන් නිර්මානය වෙමින් තිබේ. එහි වන පහසු භාවිතාවට සහය වන විවෘත බවම මෙම අනාරක්ශිත බවටත් හේතුවෙමින් ඇති බවටයි හදාරන්නන්ගේ පිලිගැනීම වන්නේ. ගූගල් ආයතනය මේ සදහා නව විසදුමක් ඉදිරිපත්කරමින් පවසන්නේ Google play වෙතින් ලබා  ගන්නට හැකි වන on-device monitoring හදුන්වාදීමක් ඔස්සේ මෙම අනාරක්ශිත බවට විසදුමක් ‍රැගෙන එනු ඇති බවය. යම් app මෘදුකාංගයක් ස්ථාපනයට පෙර සේම ස්ථාපනයෙන් පසුවද හැසිරීම හදාරමින් භාවිතාකරන්නාගේ සුරක්ශිත බව තහවුරු කිරීම එහි ක්‍රියාකාරීත්වය වේ. නිෂ්පාදකයා හේ සේවා සපයන්නාගෙන් ස්වායන්තව ක්‍රියාත්මක වන මෙම මෘදුආරක්ශකයා Gingerbread (2.3) සංස්කරනයෙන් ඉහල සියලුම සංස්කරන සදහා සහය දක්වන බවටයි එම ආයතනය නිවේදනය කර සිටින්නේ. ආයතනය වෙඩි දුරටත් පවසන්නේ සියලුම ආකාරයේ හානිකරයන් පිලිබදව මෙම අරක්ශකයා ප්‍රතිචාර නොදක්වන නමුත් verify applications service ඔස්සේ යම් app මෘදුකාංගයක් ස්ථපනයට පෙර මෙන්ම භාවිතාවේදීද අනවශ්‍ය ආකාරයේ හැසිරිමක් පිලිබදව අවධානයෙන් සිටිමින් භාවිතාකරන්නා සුරකින්නට එය සමත්වනු ඇති බවය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...